වස්සානය 2024 – 20

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


මෙතෙක් කලේ තම ජීවිතය අනුන්ට සංසන්දය කිරීමය.

තම ජීවිතය නිවනට සංසන්දනය කලාද!
අනුන්ට පේන්න ජීවත් නොවී නිවනට ඔබින සේ ජීවත්වන්නට දක්ෂ වන්න!

අනුන් හෙලා දකින කල ඔබව හෙලා දකින පිරිසක් නිර්මාණය වන බව
මතක නැති නොකරන්න!

ඔබේ ජීවිතයෙන් කොටසක් කාහටවත් දෙන්නේ ඇයි,
එය ඔබටවත් අයිති නැති කොට !

ඇහුම්කන් දෙන්න. එයි වරදක් නැත.
තමා ඇහුම්කන් දෙන්නේ කුමටදැයි නොදැන සිටීමෙන් වරදක් ඇත !

කාගෙවත් අඩු හදන්න යන්න එපා. සමහර විට
හදන්න ගිය එක ලොකු අඩුවක් වෙන්න පුළුවන් !

ලෝකය ඔබව ප්‍රතික්ෂේප කරනවද ?
සමාජය ඔබව කොන් කරනවද ?

සතුටුවන්න.
මන්ද ඒ අයටත් ඔබේ නිවනේ අවශ්‍යතාවය දැනිලා !
කාලෙට ඉඩ දෙන්න.
ඉඩ ගන්න කාලේ ගන්න එපා.
නිසි කල නිසි දේ ඉටු කරන්න.
ඉටුකරන්න නිසි කලක් බලන් ඉන්න එපා.


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top