සංඝ අවවාද සහ අත්දැකීම්-01

සංඝ අවවාද සහ අත්දැකීම්…
නිවන් දකිමු ළිපි මාලාව
01


බුදුන් වැදීම

තථාගතයන් වහන්සේ භෞතිකව පිරිනිවන් පා වදාළ සේක.
නුමුත් උන්වහන්සේගේ බුද්ධානූභාවයෙන් හා දේශනා කල සද්ධර්මානූභාවයෙන් සදහටම ජීවමානය.

තථාගතයන් වහන්සේගේ ආනුභාවය අපව මග පෙන්වන්නේය.
තථාගතයන් වහන්සේගේ පාරමිතාව අප උසුලා ගන්නේය.

අපගේ දුර්වලකම්වලදි තථාගතයන් වහන්සේගේ අවවාද අපව ශක්තිමත් කරන්නේය.
මාගේ බුදු පියාණන් වහන්ස

ධර්මානූකූලව ජීවත්වන සෑම මෝහොතක් තුලම දරුවෙක් මවු කුසතුල ආරක්ෂිතව සිටින්නා සේ මට දැනේ.

භාගවතුන් වහන්සේ අපගේ ගුණ ධර්ම තුලින් අප සමග වාසය කරන්නා සේ දැනේ.


මෙයට
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top