සංඝ අවවාද සහ අත්දැකීම්…
නිවන් දකිමු ළිපි මාලාව
02
තනිකමට අවවාද
දෙමව්පියෝ මාව අත්හරින විට මා හට නව වයසය.
එදා තනිකම පාළුව සාංකාව මා හට දැනුනී.
නමස්කාර වේවා ආචාර්යයන් වහන්ස !
ඔබවහන්සේ,
මාගේ තනිකම මා ඉදිරියේ ලජ්ජාවට පත් කල සේක.
මාගේ පාළුවට නව අර්ථයක් දුන් සේක.
මාගේ සාංකාව මා ඉදිරියේ කළුරිය කල සේක.
නාම රූපවලින් මා ශක්තිමත් කල සේක
සියලු දුකට හේතු පහදා දුන් සේක
නැවත මව්කුසක් නොමැතිව මා හට ජන්මය දුන් සේක.
සියලු දුක් මා ඉදිරියේ සතුටට පත් කල සේක.
අවිද්‍යාවෙන් විද්‍යාව පහදා දුන් සේක.
විද්‍යාවෙන් දුක් නිරෝධ කල සේක
ගුරු උත්තමයන් වහන්ස ඔබ වැනි මවක් සසරේ මා කිසිදා දුටුවේ නැත.
දුටුවේ නම් මීට කලින් මා පිරිනිවිලාමය.
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ
