නිවීමේ පණිවිඩය රැගත්-02

නිවීමේ පණිවිඩය රැගත්… 02




ඔබ උදෙසා ලෝකය නොව , ලෝකය උදෙසා ඔබය.
හැම වස්තුවෙන්ම ඔබේ කෙලෙස් වලට ආනි කරගන්න , හැම වස්තුවෙන්ම ඔබේ නිකෙලෙස් වලට යහපත කරගන්න.

ඔබ වෙනුවෙන් ලබනවාට වඩා අනුන් වෙනුවෙන් ලබන විට හටගන්නා සතුට අතිමහත්ය.

අපේ අත්හැරීම තවත් අල්ලාගැනීමකට අරම්භයක් නම් එම අත්හැරීමෙන් ඇති ඵලය කුමක්ද ?

හැම වස්තුවක්ම කමටහන කරගන්න. පසුව ඔබ ලෝකෙට කමටහනක් වන්න.



ඔබ යමෙක් පහත් කරනු ලබන්නේද , ඔබත් කිසිදිනක පහත් කරනු ලබන්නේය !

ඔබ ලබන්නේ අනුන්ගේ අපහසයක් නොව, ඔබ පෙර අනුන්ට දුන් එවාමය !

යමක් ලබන්නට වෑයම් නොකරන්න , මන්ද අපට ලැබිය යුතු දේ නොලැබී නොයන්නේමය !

ඔබේ අවශ්‍යතාවය ඔබේ කෙලෙස් නිසා නොවී , නිවීම පිණිස වේ නම්, ඒ රහතා වෙන කෙනෙකු නොව ඔබමය !

සියල්ලන්ගේ ගුණ දකින්න , එය ඔබේ උතුම් ගුණය වනු නොසැකය !

අනුන්ට දන් දෙන කල , ඔබ දන් දෙන්නේ ඔබටමය !

සමගියෙන් බැදීම් ගොඩ නගා නඩත්තු කරනවාට වඩා, අසමගිය තුල නොගැටි සිටීම ශ්‍රේෂ්ටය !



සෑම නාම රූපයකින්ම ඔබව , ඔබේ චරිතය , හදුනාගන්න, සෑම නාම රූපයක්ම ඔබට උදව් කරන්නේ ඒ උදෙසාය. පුරුදු කිරීම ඔබේ කොටසය .



නිවෙන ඇත්තා කෙසේ හෝ නිවෙන්නේය .
නොනිවෙන ඇත්තා නිවිමට නැකැත් සාදා නිමිති බලන්නේය.
ඔබත් නැකැත් සදන්නෙක් නොවී නිවෙන්නෙක් වන්න.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !
මෙයට 
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top