නිවීමේ පණිවිඩය රැගත්… 03

දහම් පදය
“ අල්ලාගත් අය අල්ලාගත් අන්තයේය , අත්හැරිය අය අතහැරිය අන්තයේය. ඔබත් එවැනි අන්තගාමියෙක්ද ? “
එම්බා මනුෂ්‍යය ,
නිවීමට අල්ලාගන්නා කොපමණ ශ්‍රේෂ්ඨද ,
නිවීමට අත්හරින්නා කොපමණ උතුම්ද ,
අන්තයට පවා අන්තගාමි නොවන්නා කොපමණ දුර්ලභද?
එම ධර්මතාවය ඔබ නොවන්නට ප්‍රමාද කුමක් නිසාද !
කුමක් හෝ කල යුතුවට වඩා හරි දේ කිරීම වටින්නේය,
හරි දේ කිරීමට වඩා යහපත් දේ කිරීම වඩා වටින්නේය ,
යහපත් දේ කිරීම වඩා නිවෙන දේ කිරීම අගනේය!
ඔබ සතු යමක් ඇද්ද , එයි ඔබ මුරකාරයා මිස වෙන කුමක්ද? පරිභෝජනය මිස වෙන කල දෙයක් ඇද්ද?
පෘතජ්ජනයා ගත්තොත් දෙයක් ගන්නේ දුකටය.
ආර්්‍යයා ගත්තොත් දෙයක් ගනු ලබන්නේ නිවීමටය.
තමා ගැන සිතන්නා තම කම පෝෂණය කරයි. අනුන් ගැන සිතන්නා තම කම නසයි.
යමක් අත්හරින්න දෙපාරක් නොසිතන්න. යමක් අල්ලගන්න එකට දස වතාවක් සිතන්න.
හැම තැනම ඇත්තේ අපේ නිවීමය. එය දකින්නට අපොහෝසත්වීම අපේ අවාසනාවය.
උවටැන් ෴
අනුන්ගේ යහපත දකින්න. ඔබත් යහපත් වනු ලබන්නේය!
අනුන්ට ප්‍රශංසා කරන්න. ඔබත් ප්‍රශංසාවට පත් කරනු ලබන්නේය!
අනුන්ගේ ගුණ කියන්න. ඔබේ ගුණ අනුන් කියනු ලබන්නේය!
සත්‍යය නොසගවන්න. සියල්ලෝ ඔබට සත්‍යය කියනු ලබන්නේය!
ඔබට අවශ්‍ය දේ අනුන්ට දෙන්න. එවිට එය ඔබ නොලබා නොසිටින්නේය!
ඔබ කරන උපකාරය අනාගතේ ඔබට ලැබෙන උපකාරයේ ආයෝජනය කොට සලකන්න!
අයහපත පවා යහපතක් ලෙස දකින්න දක්ෂ නම් යහපත ගැන කවර කථාද!
කුමණ වස්තුවෙන් කුමණ සත්ත්වයාගෙන් දුක හටගන්නේද එම වස්තුවෙන් එම සත්ත්වයාගෙන් වෙන් වන්න.
එම වස්තුවේ එම සත්ත්වයාගෙ දුකද වෙන් වනු ඇත!
ඔබ කැමති දේට වඩා ඔබට කැමති දේ ලබා ගන්න එවිට අත් හැරීමේ වෙහෙස අල්පය!
ඔබට කල යුතු දේ ඔබ කල යුත්තේ ලෝක සත්ත්වයාටය. ලොකයාට ලැබෙන දේ ඔබට නොලැබී නොයන්නේය!
අවවාද පිලි ගන්නවාට වඩා අවවාද පිලිපැදීම ශ්‍රේෂඨ කොට සලකන්න!
උදකලාව තීරනය වන්නේ , හිස් පරිසරය මත නොව , ඔබ තුල පවතින බැදීමේ ප්‍රමාණය මතය!
මෛත්‍රිය ලබන දෙයක් නොව දෙන දෙයක්ය,
එබැවින් අනුන්ගේ මෛත්‍රිය නොපතා ඔබේ මෛත්‍රිය අනුන්ට දෙන්න!
ඇයි ඉපදුනේ කියා සිතනවාට වඩා, ඉපදීමේ යුතුකම් ගැන සිතන්න!
අනුන්ට ගරු කරන්න. අදක්ෂ වුවද අනුන්ගේ ගෞරවය ඔබ සතු වනු ඇත!
ලෝක සමගිය වෙනුවෙන් සටන් කිරීමට වඩා , තමා ලෝකෙට සමගියෙන් වෙසීම ශ්‍රේෂ්ටය!
ඒක පුද්ගල සාමය ලෝක සාමය ඇති කරයි.
ලෝක සාමය වෙනුවෙන් සටන් කිරීම පවතින සාමයත් නැති කරයි !
කමටහන
නිවෙනවා නම් ඕනම දෙයක් අල්ලගන්න !
ඇවිලෙනවා නම් රත්ත්රං උවත් විසිකරන්න !
සලායතන වල ගනුදෙනු නිවෙන ලෙස භාවිතා කරන්න. සතර ඉරියව්වෙන් පුරුදු කරන්න .
ඔබේ නිවීම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබේ අවශ්‍යතාවයය !!!
සැලකිය යුතුයි !
නිවෙන තැන් සොය සොයා යාමට වඩා ඇවිලෙන තැන් සොයා නිවන්න.
සියල්ලන්ගේ උත්සහය ඔබේ නිවීමය. අවිලෙන්නේ ඔබමය.
ඇවිලෙන තැන් නිවීමෙන් නිවීම හටගන්නවා මිස,
නිවුනු තැනින් නිවීම ගන්නට දරන උත්සහය සුළං ඇල්ලීමට කරන වෑයමක් වැනිය.
ඔබේ නිවීම ඔබේම වගකීමයි
එය පැහැර නොහරින්න !!!
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !
මෙයට තථාගත ශ්‍රාවක සංඝ