නිවීමේ පණිවිඩය රැගත්-05

නිවීමේ පණිවිඩය රැගත්… 05



ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්ය !
අප්‍රියයන්ට ලං වීම දුකක්ය !

කැමැත්තෙන් අල්ලාගත් නිසා අත්හැරීමේ වෙහෙස මහත්ය , නුමුත් නිවීම ඇත්තේ එතැනය !

යමකට ප්‍රියභාවය ඇති තාක්කල් අත්හැරීම නිමා වන්නේ නැත , ප්‍රියභාවය හටගන්නේ කෙලෙස් නිසාය !


මෙතෙක් කැමැත්තෙන් අල්ලාගත් ඔබ නිවීම උදෙසා සියල්ල අත්හැරීමට කැමතිවීමට ප්‍රියවන්න.
එම ප්‍රියය ඔබ දුකෙන් ගලවන්නේය!


හැම දේම අල්ලගන්න ප්‍රිය වු ඔබ දැන් හැම දේම අත්හැරීමට ප්‍රිය වන්න.
කලින් ප්‍රිය හිමි කල දුක දෙවෙනි ප්‍රිය අහිමි කරයි.
මෙය භෞතිකයට මෙන්ම පුද්ගලයන්ටද එකසේ පුරුදුකරන්න .


මේ වනවිටත් අප යමක් අල්ලා ගෙන සිටිනවා නම් තවම අපි එයට ප්‍රිය නිසා නොවේද ?
තවම අප යමකට අසු වෙනවා නම් එයත් එයට ප්‍රිය නිසා නොවේද ? 
මෙය තේරුම් ගන්න සසරේ මෙතරම් අප්‍රිය වුයේ මන්ද ?


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
.

Scroll to Top