නිවීමේ පණිවිඩය රැගත්… 06

දහම් පදය
කැමති දේවල් අත්හැරීම කැමැත්ත කර ගැනීම තුලින් ඒවා කැමැත්තෙන් අත්හැරිය හැක
අල්ලාගැනීමට පලමු ඒතුව අත්හැරීමට ඇති අකමැත්තය !
අත්හැරීමට පලමු ඒතුව අල්ලාගැනීමට ඇති අකමැත්තය !
සෑම අල්ලාගැනීමක්ම සෑම අත්හැරීමක්ම අපට උගන්වන්නේ අප තුල පවතින පැවැත්මය !
එම්බා බෝදිසත්ව!
ඔබ යමක් අත්හැරීමට නම් එය යමෙක් අල්ලාගත යුතු නොවේද ?
ඔබේ අත්හැරීම තවකෙනෙකුගේ අල්ලා ගැනීම නම් ඔබේ අත්හැරීම දෝෂ සහිතය !
“සියල්ල මනසින් අත්හැර භාවිතා කරන්නැයි” කී බව ඔබ අසා ඇත.
එහෙත් මා නුබට කියමි, යමෙක් කොපමණ අත්හැරියත් භාවිතය තුල
එය නැවත අල්ලා ගන්නේය .
ඔබ අත්හරින කල එම අත්හැරීම ඔබගෙත් අනෙක් අයගේත් නිවීමක් වූයේදැයි විමසා බැලුවෙයාද ? ?
ඔබ දන් දෙන කල ලබන්නාගේ නිවීමට සුදුසු ලෙස දන් දෙන්න. එවිට ඔබේ නිවීම නොමිලයේ ලබන්නහූය !
සියල්ලට නිමාවක් ඇති නුමුත් ඔබේ අත්හැරීමට හා දානයට නිමාවක් නැත්තේ කිමදැයි විමසා බැලුවෙහිද !
උවටැන් ෴
අල්ලාගත් සියලු දේ අපගේ ඉපදීමට සාක්ෂි දරයි, ඒවා අත්හැරීම නිවීමට ඇති සාක්ෂියයි . එබැවින් සතුටින් අත්හරින්න. ඔබේ නිවීම ඇත්තේ ඔබේ අතේය !
කමටහන
අල්ලාගන්නා විට , එකතුකරන විට , අයිතිකරගන්නා විට , තිබූ සතුට මෙන් දෙගුණයක සතුටින් අත්හරින්න . මන්ද කවදා හෝ අතහැරෙනවා නම් අද අතහැරිච්චාවේ!
සැලකිය යුතුයි !
නිවෙන්න කැමති ඇත්තා සියල්ල කැමැත්තෙන් අතහරීයි . දුකට කැමති ඇත්තා අතහැරලත් තැවත අල්ලා ගනියි . ඔබත් වසන්නේ මෙවැනි මංසන්දියේද ?
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ