නිවීමේ පණිවිඩය රැගත්-07

නිවීමේ පණිවිඩය රැගත්… 07




නිවිම අවශ්‍යවන්නේ නොඇවිලීම උදෙසාය. නොඇවිලෙන යමක් නිවන්නට යෑම නිෂ්ප්‍රයෝජනය !


නොදන්න දේට හා නොකල දේට කම්පාවන්නෙක් නොවී , තමා දන්න දේට හා කරන දේට කම්පා වීම, 
එය නැවත නොකිරීමට මග පෙන්වයි !


ඔබේ විමසීම විය යුත්තේ ,  සලායත වලින් දුක ඇති විය හැක්කේ කෙසේද මිස , සලායත වලින් දුක ඇති නොවන්නේ මන්ද යන්න නොවිය යුතුය!


ඔබට ඉපදීම ඇතිකරන ඔබ දන්නා ටික අත්හරින්න . නොදන්නා ටික අත්හැරෙන්නේ ඔබටද නොදන්වාමය!


පවතින තුවාලෙට බෙහෙත් දානවා මිස , තුවාල මෙතන අතන විය හැකියි යන සැකයට බෙහෙත් බැදීම අනුවණ කමකී!


ඔබට ප්‍රශණක් විය යුත්තේ සතර මහා භූත නොව , ඔබත් සතර මහා භූත එය ප්‍රශ්ණයක් වුයේ කෙසේද යන්නයි !


පොහොසත් වීමට වඩා දුප්පත් වීමට වෙහෙසෙන්න , මන්ද එය අත්හැරීමේ සුන්දරත්වය ඔබට අගවනු ඇත!


එකම ප්‍රාර්ථණාව නිවීම යැයි සිටි කාලයක්ද තිබු නුමුත් , නිවුනු විට නීවීමත් කුමටදැයි සිතේ!


මක්නිසාද නිවීමේ අවශ්‍යතාවය ඇත්තේ නොනිවුනු ඇත්තාටය !


නිවීම සොයන්නේ ඔබ නොව , ඔබ තුල පවතින නොනීවීමය !




එම්බා බෝදිසත්ව !
සංසාරේ සියල්ල අත්හැරිය ඔබට ඔබව අත්හැරගන්න පුලුවන් වීද ?
ඔබත් ඔබේ නිවීමට බාදාවකී , එය මා දනිමි. ඔබ දන්නේහිද ?


නිවීම නොමිලයේ ලබන්නවූය , එබැවින් නොමිලයේම දෙන්න .
අතර මැද පිරිකර අධාර කුමටද ?


දුකට රැස් කරන්නෝය !
සැපට අත්හරින්නෝය !


විදීමට පවතින්නෝය !
නිවීමට නොපවතින්නෝය !


තමකම නිසා බැදෙන්නෝය !
නියතමානීකම නිසා නොබැදෙන්නෝය !


ලෝභයට රැස් කරන්නෝය !
අලෝභයට දන් දෙන්නෝය !


රාගයට විදින්නෝය !
විරාගයට වෙන් වන්නෝය !


ද්වේශයට පලි ගන්නෝය !
අද්වේශයට සමාව දෙන්නෝය !


අනුන්ට කරන හිංසාව අනුන්ට පමණක් නොව එය ඔබටද හිංසාවකි .

එබැවින් කිසිවිටක කිසිවෙකුට හිංසා නොකරන්න. එවිට ඔබද හිංසා නොලබන්නහූය .


අපට අත් හැරිය ඇක්කේ අප දැනුවත්ව අල්ලාගෙන සිටින දේවල් පමණය. නොදන්න දේ දන්නා විට අත්හැරීය හැක. එබැවින් දැන අල්ලාගෙන සිටින දේ තමාට හිමි නොවන බව සිහියෙන් දකින්න !


අත්හරින්න කැමති ඇත්තා සියල්ල කැමැත්තෙන්ම අතහරීයි . ලෝභය නඩත්තු කරන ඇත්තා අතහැරලත් තැවත අල්ලා ගන්න පොට පහදයි.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top