නිවීමේ පණිවිඩය රැගත්-08

නිවීමේ පණිවිඩය රැගත්… 08




මෙලොවට පැමිණෙන විට කුමක් රැගෙන ආවෙමුද රැගෙනයන්නේ එයමය !

ගෙනාවෙත් තැත. ගෙනියන්නෙත් නැත. අතර මැද තන්නාව පමණක් කුමටද ?

ලෝකයේ සියල්ල ඇත . එයි අයිතියද ලෝකයට ඇත. අපට ඇත්තේ පරිභෝජන අයිතිය මිස වෙන කුමක්ද !

දෙදෙනෙක් රැගෙන ආවහූය , සතරදෙනෙක් රැගෙන යන්නහූය, මෙය නම් ජීවිතය එයි තවත් ඵලයක් ඇද්ද!

මග ඵල ලබන්නට කැමැත්තා සැමදා මහා මගය, නිරෝධයට කැමැත්තා මගෙන් එතෙරය!‍

නොපිපුනු මල් වෘෂයේ යම් සේද හදුනානොගත් රහතාත් ඔබ තුල එලෙසමය !


මනස සියල්ල අල්ලා ගනී ,
මනස සියල්ල අත්හරීයි ,
මනසේ ක්‍රියාකාරීත්වය දන්නා මනස අත්හරීයි !


ඔබ ලෝභයට වස්තුවට අසු වුවා නොව , ඔබ ඔබේ මනසට අසු වුවා !

මනසේ රැවටිල්ල දකින්නෙහිද ? 
යෝගිය රැවටෙන මනසට වඩා රවට්ටන මනසේ ප්‍රඥාව දුටුවෙහිද !

මනසේ රැවටිල්ල දකින්නෙහිද ? 
රවට්ටන මනසට හැඩගැයෙන රැවටෙන මනසේ ශ්‍රේෂ්ටත්වය දුටුවෙහිද !

මනසේ රැවටිල්ල දකින්නෙහිද ? 
රවට්ටන මනසටත් රැවටෙන මනසටත් දෙකටම ඔබ රැවටෙන බව දුටුවෙහිද !

මනසේ රැවටිල්ල දකින්නෙහිද ? 
දැකිය යුත්තේ රැවටිල්ල නොව රැවටිල්ල දකින සිහියය !

එම්බා අසරණය !

යමෙක් සතුව කුමක් තිබුණත් එහින් පිහිටක් නැතිකොට සියල්ලෝ අසරණය , 


මුදලේ පිහිට පැතූ ඔබ මුදල නිසාම අසරණ වුවා නොවේද ?


දරුවන්ගේ පිහිට පැතූ ඔබ දරුවන් නිසාම අසරණ වුවා නොවේද ?


වස්තුවේ පිහිට පැතූ ඔබ වස්තුව නිසාම අසරණ වුවා නොවේද ?


මිතුරන්ගේ පිහිට පැතූ ඔබ මිතුරන් නිසාම අසරණ වුවා නොවේද ?


ඥාතීන්ගේ පිහිට පැතූ ඔබ ඥාතීන් නිසාම අසරණ වුවා නොවේද ?


දැනුමේ පිහිට පැතූ ඔබ දැනුම නිසාම අසරණ වුවා නොවේද ?


ඔබ යනු ඔබේ සිතය .
සිත නිවුන විට ඔබ නිවෙන්නේය .
ඔබ නිවුන විට සිත නිවෙන්නේය .
එකකට තව එකක් නිවන්නට නොහැකිය මන්ද එතන නිවන්නට හදන්නේ සිත හෝ කය යන එකක්ම පමණය !


මනසින් සියල්ල අල්ලා ගනී. එම මනසින්ම තමාට ඇති වු විට සියල්ල අත්හරීයි. අල්ලා ගෑනීමත් අත්හැරීමත් මනසේ ක්‍රියාවක් මිස භාහිර දෙයක් එතන නැත. මෙය සතර ඉරියව්වෙන් සිහියෙන් දකින්න  !


මනස දකින ඇත්තා තමා දුටු මනසින්ම නිවෙන්නේය. මනසේ රැවටීම දකින ඇත්තා රැවටීමට කථා කියන්නේය.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top