නිවීමේ පණිවිඩය රැගත්… 09

දහම් පදය
“ යමෙක් යමක් අත්හැරීමෙන් ඒ තුලින් අල්ලාගන්නේ අකැමැති දෙයක්ය. අකැමැති දේ අල්ලාගැනීමෙන් හටගන්නේ තවත් දුකක්මය “
යමක් අත්හැරීමෙන් පතන්නේ නිදුකක්ය , නුමුත් අත්හැරීමෙන් පවා හටගන්නේ දුකක්ම නම් එම අත්හැරීම කුමටද !
අල්ලාගන්නේ කැමති දේවල්ය, කැමති දේවල් අත්හැරීම නම් අපට අකැමැති දේවල්ය !
පෘතජ්ජනයා කැමති දේවල් අල්ලාගෙන අකැමැති දේවල් අත්හරින්නේය ,
ආර්ය්යා අකැමති දේවල් අල්ලාගෙන කැමැති දේවල් අත්හරින්නේය ,
මක්නිසාද අකැමැති දේවලට බැදීම් හට නොගන්නා නිසාය !
“මම නෙවෙයි” කියන කොටත් එතැන මම ඉන්නවා, මම නැහැ කියන එක කියන්න උත්සහ දරනවාට වඩා මම ඉන්නේ කොතැනද කියන එක දැනගන්න උත්සහ කිරීම කොපමණ ශ්‍රේෂ්ටද?
අරිය ගවේශණය විය යුත්තේ නිවන්නේ කොහොමද ? කියන එක නෙවෙයි , නිවෙන්නේ කොහොමද කියන එකයි !
ඔබ තුල ඔබ නඩත්තු වෙන්නේ අනුන්ගෙන් නොව, ඔබගෙන්මය !
ඔබට අවශ්‍ය දේ මේ වනවිටත් ලෑබී ඇත. මේ වනවිට ඔබ සොයන්නේ ඔබට අනවශ්‍ය දේය !
අම්මා වුන නිසා ඔබ ඉපදුනා නොව , ඔබේ ඉපදීම නිසා ඇය අම්මා වුනා !
බුදුන් වහන්සේ තමාගේ බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරුවා නොව , තමා වෙනුවෙන් තමාගේ නිවීම වෙනුවෙන් පාරමී පීරුවා සේ සිතන්න. එවිට ඔබේ මුළු ජීවිතයම බුද්ධ වන්දනාව වෙනවා නිසැකය !
පෘතජ්ජනය !
ලෝකයේ පවතින්නේ ප්‍රශ්ණ පමණය ,
ප්‍රශ්ණ යනු පිළිතුරුවල අනවබෝධයය !
උවටැන් ෴
ඔබට ඔබේ පවුල වැදගත්ය , නමුත් පවුලට ඔබ වැදගත් වන්නේ පවුලේ අවශ්‍යතාවයට පමණ නොවේද !
සියල්ලන්ට දන් දෙන ඔබ ඔබට දුන්නේ කුමක්ද ?
කමටහන
පෘතජ්ජනයා දුකට අත්හරියි , ආර්්‍යයා නිවීමට අත්හරියි , අත්හැරිය යුත්තේ අත්හැරෙන ලෙස මිස තවත් අත්හැරීමක් අවශ්‍ය වන ලෙස නොව ,
අත්හැරීමෙන් දුක නොහටගන්නා ලෙස සිහිය පවත්වන්න !
සැලකිය යුතුයි !
නිවීම දුටු ඇත්තා දුටු නිවීම වෙනුවෙන් අත්හරියි, ලෝභය දුටු ඇත්තා තවත් ලෝභයක් වෙනුවෙන්ම අත්හරීයි !
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ