නිවීමේ පණිවිඩය රැගත්… 10

දහම් පදය
“ අත්හරින සියල්ලන් අත්හැරියා යන්න අල්ලා ගනිති. අත්හැරීම තුලිනුත් සිදුවන්නේ අල්ලා ගැනීමක් නම් අත්හැරියේ කුමක්ද ? “
පිං පොත බලන්න එය අත්හැරියාට වඩා අල්ලාගත් දේ ගැන සාක්ෂි දරයි !
අත්හැරිය වස්තුවට වටිනාකමක් ඇත. අත්හැරීමට වටිනාකමක් නැත. අත්හැරියා යන පාරට්ටුව තුල අත්හැරීමටත්
වටිනාකමක් ලැබී ඇත !
අප පුරුදුව සිටින්නේ අත්හරිනවාට වඩා අත්හැරිය දේවල් කීමටය!
ඔබත් නිවන පතන්නෙක් නොවී
නිවෙන්නෙක් වන්න !
ලෝභ ද්වේෂ මෝහ රාග වල වරදක් නැත. ඒවා විදින්න විදවන්න යෑමයි වරද !
පෘතජ්ජනය !
තාක්ෂණය විනාශයට මග පෙන්වයි ,
දියුණුව පිරිහිමට උපකාර කරයි ,
පොහෝසත් වීම අවිවෙකය උරුම කරයි ,
ලස්සන වීම අනතුරු ලං කරයි ,
කිසිවකට නොබැදීම නිවීමට ලං කරයි !
උවටැන් ෴
ඔබ ඔබේ ලෝභය අත්නොහැර කුමක් අත්හැරියත් ඉන් ඵලය කුමක්ද ?
අත්හරින ඔබ ශ්‍රේෂ්ට විය යුත්තේ අත්හැරීමට නොව , අසුනොවීමටය !
අසු වෙන තාක් කල් අත්හැරීමේ නිමාවක් නැත.
කමටහන
ලෝභයා අලෝභය අත්හරීයි !
රාගියා විරාගය අත්හරීයි !
වෛරයා අවෛරය අත්හරීයි !
මෝහයා අමෝහය අත්හරීයි !
මෙලොව සියල්ලෝ කුමක් හෝ යමක්
අත්හරිමින් පසුවෙයි ,
ඔබත් එවැනි අත්හරින්නෙක්දැයි සිහියෙන් විමසන්න !
සැලකිය යුතුයි !
රාගයට කැමති ඇත්තා රාගය පසු පස හබායයි, ලෝභයට කැමති ඇත්තා ලෝභය පසු පස හබායයි ,
වෛරයට කැමති ඇත්තා වෛරය පසු පස හබායයි ,
නිවීමට කැමති ඇත්තා පිරි නිවීම පසු පස හබායයි !!
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ