නිවීමේ පණිවිඩය රැගත්-12

නිවීමේ පණිවිඩය රැගත්… 12




නැවත අසුවන්න අත්හරින්නාට වඩා, නිමාවට අත්හරින්නා කොපමණ ශ්‍රේෂ්ඨද !

ඔබ දුන්නාය යන්න දහස් වාරයක් මෙනෙහි කල ඔබ, ඔහු තමාගෙන් ලබන්නට තරම් වසනාවන්ත වුයේයැයි සිතුවෙයිද !

විශ්ව සමීකරණය නම් ලැබුණ දේ දීමටත්, දුන් දේ ලැබීමටත්ය !

අසුවීම නිදහස් වීමේ උවමනාවද, නිදහස අසු වීමේ උවමනාවද ඇති කරයි !

ඔබ අත්හරින කල නැවත අත්හැරීමේ උවමනාවක් ඇති නොවීමට අත්හරින්න !

ලද දෙයින් සෑහිමට පත්වන්න. සෑහිමට පත්වීම තුල නොරැදෙන්න !

ඔබත් සොයන්නේ නිවීම නම් එය ඔබට කිසිදින සම්භනොවන්නේය. 
මක්නිසාද, නිවීම සොයන්නාට සම්භ නොවේ.
නිවෙන්නාට පමණක් සම්භවෙන ධර්මතාවයකි!

අහෝ සංසාරය !!!
මාගේ රාගය නිසා ඉපදුන වාර අනන්තය !
මාගේ ලෝභය නිසා ඉපදුන වාර අනන්තය !
මාගේ පලිගැනීම නිසා ඉපදුන වාර අනන්තය !
මාගේ මාන්‍යය නිසා ඉපදුන වාර අනන්තය !
මාගේ අනුවනකම නිසා ඉපදුන වාර අනන්තය !
මාගේ ආදරය නිසා ඉපදුන වාර අනන්තය !
මාගේ සෙනෙහස නිසා ඉපදුන වාර අනන්තය !
මාගේ වගකීම් නිසා ඉපදුන වාර අනන්තය !


තවත් කොපමන ඉපදෙන්නද ?
නතරවෙන්නෙ කවදාද ?



ඔබේ පින්කම් ඔබට නිර්මානය කරන්නේ ඉපදීම නම් පින්කමද මිදීමට බාධාවකි!

රැස්කරන්නෝ බොහෝය.
අස්කරන්නෝ විරලය.
රැස්කරන්නාටත් අස්කරන්නාටත් වඩා හිස් කරන්නා වටින්නේය !


ඔබ යමක් දෙන විට (එනම් අත්හරින විට) දෙන දේටත් දුන්නා යන දේටත් අසු නොවන්න. 
බොහෝ අය දීමෙන් ලබන තෘප්තිය ප්‍රිතිය සන්තෝසය වස්තුවේ වටිනාකමටත් වඩා වටිනාකමින් අල්ලා ගනිති.
එසේ නොවීමට සිහිය පවත්වන්න !


ඔබ කිසිවෙකුට හිරිහැර  නොකර සිට, හිරිහැර  නොකර සිටීම ඔහුන්ට දුන්නා කියා අල්ලා ගැනීමට ඉඩ ඇත. 
අපේ ගුණධර්ම නිසා අන් අය ලබන ප්‍රතිඵල බොහෝ විට අප අල්ලා ගනිමු. එම අසුවීමද පැවැත්මකි.


දීපු දේවල් සියල්ල අත්හැර නුමුත් දුන්නාය යන්න කිසිදින අත්නොහරින අප අපේ නීවීම ප්‍රතික්ෂේප කරනවා නොවේද ?



බොධි සත්ත්වයා අත්හරින්නේ අනුන්ගේ දේ තමා ලග තිබී නැවත දෙන්නාක් වැනිය.
පෘතජ්ජනයා අත්හරින්නේ තමාගේ දේ වැඩි ප්‍රයෝජනය සදහා අනුන්ට දෙන්නාක් වැනිය.



දිනපතා මරණයට ලංවීමෙන් ඔබව ඔබට අත්හැරෙමින් පවතී, මෙය නොදන්නාකම නිසා අත්හැරීමෙන් වටිනාකමක් ඔබ ඔබට නිර්මානය කරයි !



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top