නිවීමේ පණිවිඩය රැගත්-15

නිවීමේ පණිවිඩය රැගත්… 15




මිතුරා අත්හැරියමුත් මිතුරුකම තවම අප සමග නම්, අත්හැරුන මිතුරාද මිතුරුකමතුල අප සමගය !

බොහෝ විට හිතවතා නික්ම යන්නේ හිතවත්කම තබාය, එය පැවැත්මද දුකද හිමි කරයි !

ගීතය මිහිරිය, නිවීමට එය අමීහිරිය !

ඔබ අත්හැරීමට උත්සහ දැරුවෙහිය, අසු නොවීමට උත්සහ දැරුවෙහිද !

භාවනාව නම් නොනිදා නිදාගැනීමය, 
අෂ්ටාංගික මාර්ගය නම් නිදාගැනිමෙනුත් නොනිදීමය !

සංඝානුසතිය වඩන්නා සඝ ගුන මෙනෙහිකරන්නා නොව, සඝ ගුන තම චරිතයෙන් දකින්නාය !

නොලැබුණු දේ සොයන්නා අනුවණයාය, ලැබුණ දේ කුමට ලැබුණේදැයි සොයන්නා බෝධිසත්ත්වයාය !

සැනසීම අත්තේ නාම රූපවල නොව, නිර්නාම අරූපවලය !

අඩි 5ක් උස ඇති ඔබ අගල් 5 ක් උස සුරුට්ටුවට හීලෑ වු ලැජ්ජාව තවත් උසුලන්නේද!

ලොව්තුරා තථාගත ප්‍රතික්ෂේප කොට, මතින් සැනසෙන ඔබ, ඔබට මහත් වු නින්දාවකි !


• ඔබ කැමති දේ ගැනීමට වඩා කැමති දේ අනුන්ට දෙන්න  !

• ලබන්නට වඩා ලබා දීමට කැමති වන්න  !

• ඉවසිය යුත්තේ අනුන්ගේ අඩුවට නොව, තමාගේ අඩුවටය !

• පැතු දේ නොලැබීමේ දුක දුටු ඔබ,  නොපැතූ දේ ලැබුණ සතුට දුටුවෙහිද !



අත්හැරීමක් අවශ්‍ය වන්නේ අල්ලාගෙන සිටින්නාටය, කිසිවක් අල්ලානොගෙන සිටින්නාට අත්හැරීමක් අවශ්‍ය වන්නේ නැත. කිසිවක් අල්ලා නොගෙන සිටිමට සතර හිරියව්වෙන් සිහිය පවත්වන්න.



අහෝ පෘතජ්ජනය,
ලෝකයේ බොහෝ අය ඔබට විරුද්දයැයි සිතා කොදුරන්නේය, නුමුත් සැබෑ විරුද්දවාදීන් නම් ,

ඔබේ වාචාලකම ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ කාමය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ කලබලකම ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ අසංවරය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ තන්ණාව ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ නුරුස්සනගතිය ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ ආඩම්බරය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ හිතුවක්කාරකම ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ උඩගුකම ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ හාංකාරකම ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ මාන්‍යය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ නොසන්සුන්කම ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ අසමගිය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ අකීකරුකම ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ අලසකම ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ ප්‍රමාදය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ නොඉක්මීම ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ පිටුපෑමේ ගතිය ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ එලාදැකීමේ ගුණය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ නොසැලකිලිමත්කම ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ ධනය ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ අධ්‍යාපනය ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ සෙනෙහස ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ ආදරය ඔබේ විරුද්ධවාදියාය!

ඔබේ බැදීම් ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ හිතවත්කම ඔබේ විරුද්ධවාදියාය!
ඔබේ මිතුරුකම ඔබේ විරුද්ධවාදියාය!


අසු නොවී සිටින්නාට අත්හැරීමක් තවත් මොකටද?
අසුවන්නාට අත්හැරීම මිස වෙන ඇත්තේ කුමක්ද ? ඔබේ කෙලෙසය නාම රූපවලට අසු කරයි.



අත්හැරීමේ අවශ්‍යතාවය අපගේ අල්ලාගැනීමට සාක්ෂි දරයි. අල්ලානොගැනීම අත්හැරීමේ අවශ්‍යතාවය නිරෝධ කරයි.



අත්හරින්නේ කෙසේද යන්න සිතනවාට වඩා අත්හැරීමේ අවශ්‍යතාවය අවශ්‍ය නැති කරන්නේ කෙසෙදැයි සිතිම අරිය ගවේශනයයි.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top