නිවීමේ පණිවිඩය රැගත්… 16

දහම් පදය
“ අල්ලාගන්නේ කැමැත්ත ඇති වු විටය. අසුවන්නේ සිහිය අඩු වු විටය. සතිය මේ දෙකෙන්ම නිදහස් කරන්නේය“
ඔබ සතියෙන් කෙලෙසයෙන් වෙන්වනවා නොව, සතිය කෙලෙසයෙන් ඔබ වෙන් කරන්නේය !
සියල්ලෙන් වෙන්වීමට සිහිය අවශ්‍යය. සිහියෙන් වෙන්වීමටත් අවශ්‍ය වන්නේ සිහියමය !
සියල්ල සිහියෙන් සංසිදේ ,
සිහියෙන් සිහිය කිසිදා නොසංසිදේ !
අසීහියෙන් සිටින බව දැනගැනීම පවා සිහිය පැවැත්වීමයි !
නිදහස් වීමට උත්සහ දරන්නේ නාම රූප වලින්ය , ඔබේ නිදහස ඇත්තේ එම නාම රූපවලමය !
අපට සිහිය අවශ්‍යය, නුමුත් සිහියට අප අවශ්‍යය නැත !
විශ්වයේ අවශ්‍යතාවයට මා නිර්මාණය වුවා මිස මා විශ්වයේ ඉපදුනා නොව !
අල්ලගන්නා සියල්ලේ අයිතිය කෙලෙසයටය, අත්හරීන සියල්ලේ අයිතිය අත්හරීන වස්තුවටමය.
උවටැන් ෴
සිහිය අවම වන අවස්ථා
හැගීම්බරවන අවස්ථා සිහිය අවම කරයි .
තෘෂ්ණාධික අවස්ථා සිහිය අවම කරයි .
රාගික අවස්ථා සිහිය අවම කරයි .
ආදර අවස්ථා සිහිය අවම කරයි .
සෙනෙහස් අවස්ථා සිහිය අවම කරයි .
සාංකා අවස්ථා සිහිය අවම කරයි .
ගැටෙන අවස්ථා සිහිය අවම කරයි .
තරහයන අවස්ථා සිහිය අවම කරයි .
අධික මහන්සි අවස්ථා සිහිය අවම කරයි .
අතීතයේ පවතින අවස්ථා සිහිය අවම කරයි .
අනාගතේ පවතින අවස්ථා සිහිය අවම කරයි .
නිදිමත අවස්ථා සිහිය අවම කරයි .
කෑදර අවස්ථා සිහිය අවම කරයි .
කලබල අවස්ථා සිහිය අවම කරයි .
අනතුරු අවස්ථා සිහිය අවම කරයි .
රෝගි අවස්ථා සිහිය අවම කරයි .
අධික ධනය සිහිය අවම කරයි .
නිලතල සිහිය අවම කරයි .
බලය සිහිය අවම කරයි .
ආහාරවල රස අවස්ථා සිහිය අවම කරයි .
රූප සිහිය අවම කරයි .
සබ්ද සිහිය අවම කරයි .
ඝන්ධ සිහිය අවම කරයි .
ස්පර්ෂ සිහිය අවම කරයි .
සිතුවිලි සිහිය අවම කරයි .
කමටහන
සිහිය යනු සිත හදුනා ගැනීමය, සිත විසින් සිත දැකීම සතියයි. සෑම ඉරියව්වකම සිහිය පවත්වන්නා සිහිය පුරුදු කරන්නාය. සිහියෙන් සෑම ඉරියව්වන්ම දකින්නා සිහියෙන් වසන්නාය. ඔබත් සිහියෙන් වසන්නට
( වාසය කරන්නට ) පීඩනයකින් තොරව නිදහසේ කටයුතු කරන්න. නුමුත් සියල්ල සිහියෙන් දකින්න.
අටුවාව
කැමැත්තෙන් අල්ලා ගනිමුව, අසිහියෙන් අසු වෙමුව, සතියෙන් නිදහස් වන්නෙමුව
ටීකාව
සෑම මොහෝතකම සිහියෙන් සිටියමුත්, සිහියෙන් සිටිනබව නොදන්නා හේතුවෙන් අසිහියේ සිටිමුව.
සරලාව
අත්හරින ඔබ: අත්හරින දේ නැවත අත්නොහෑරීමට අත්හැරීමෙන් අහිමි වන වස්තුවේ අයිතිය එම වස්තුවටම දී අත්හරින්න !
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ