නිවීමේ පණිවිඩය රැගත්-18

නිවීමේ පණිවිඩය රැගත්… 18




අසු වන්නාට අත්හැරීමේ නිමාවක් නැත. මන්ද අසුවීම ඔහු තුල නිමා නොවන බැවින්ය !

ඔබත් සියල්ල මනසින් අත්හැර පරිභෝජනය කරන්නෙක්ද ? අත්හැරිය පසු පරිභෝජනය වන්නේ කෙසෙදැයි සිතා බැලුවෙයිද !

ඔබ සසරේ ණය ගෙවන්නෙකි, මන්ද පැවැත්ම නම්වු දුක තවම ගෙවන්නෙහිය !

ධනය පරිස්සම් කිරිමට වඩා කට පරිස්සම් කිරිම කොපමණ අගනේද !

කුමණ රටේ ජන්මය ලැබුවත්, කුමණ ජාතියේ උරුමය ලැබුවත්, අප සියල්ලෝ එකම පෘතුවියේ වැසියෝ යන්න සැහැයෙයි සිටිමට සමගියෙන් !

පැවැත්මට මන්දගාමි වීමටත් නිවනට අප්‍රමාදී විමටත් දක්ෂ වන්න !

ඔබ කියන දේ අසන්නාට කෙසේ වෙතත් ඔබට තේරීම වඩා වැදගත්ය !

බොහෝවිට ඔබ සොයන්නේ සම්භ නොවන දෙයක්ය. මක්නිසාද අවශ්‍ය දේ නොසොයා ලැබී ඇති බැවින්ය !

අකුසලෙන් වැලකෙන්න, කුසලය ඉබේ ගෙවෙනු ඇත !



අසු නොවන අවස්ථා

• පෙනෙන දේ තමාගෙ කරනොගන්න රූපයෙන් අසු නොවේ.


• ඇසෙන දේ තමාගෙ කරනොගන්න ශබ්දයෙන් අසු නොවේ.


• දැනෙන දේ තමාගෙ කරනොගන්න දැනීමෙන් අසු නොවේ.


• සිතෙන දේ තමාගෙ කරනොගන්න සිතුවිලිවලට අසු නොවේ.


• ඇසුරුකරන්නන් තමාගෙ කරනොගන්න ඥාති මිත්‍රාදීන්ට අසු නොවේ.


• ධනය තමාගෙ කරනොගන්න වස්තුවට අසු නොවේ.


ඔබ පරිභෝජනය කරන සියල්ලෙන් අසු නොවී සිටිමට සිහිය පවත්වන්න.


අසුවන සියල්ල අත්හැරියෙහිය, අසු නොවී සිටිමට පුරුදු කෙලෙහිද?

කල්‍යාණ මිතුරෙකු වීමට 
“ යමෙක් යමක් ඔබට කියයිද ඔහුගෙ අවසරෙන් තොරව කිසිවෙකුට නොකියන්න “

“ නිතරම අනුන්ගෙ ගුණ දකින්න “

“ සෑම විටම සත්‍යවාදි වන්න “
“ බලාපොරොත්තු රහිතව උපකාර කරන්න “

“ කිසිවෙකු විවෙචනය නොකරන්න “

“ ලද දෙයින් පමණක් නොව නැති දෙයින්ද සෑහිමට පත් වන්න “

“ කිසිවිටක සතුරුකම් නොකරන්න “

“ ඔබ ඇසුරු කරන්නන්ගේ සහොදරයෝ ඔබේ සහෝදරයෝ කොට සලකන්න “

“ ඔබේ මිතුරාගේ බිරිය සැමවිටම සහොදරිය මිස බිරිය කොට නොසිතනින “

“ ධාර්මිකව උපයන්න. ධර්මානූකූලව වැය කරන්න “

“ හිස් වචනවලින් වැලකෙන්න “

“ කොපමණ දුර්වලකම් තිබුණත් එලා නොදකින්න “

“ ජීවිතය වුවත් දීමට සුදානම් වන්න. කිසිකලෙක හිංසා පීඩා නොකරන්න “


සියලු අත්හැරීම් නිමා වන්නේ අත්හැරීමෙන් පමණකින් නොව, අසු නොවී සිටීමෙනුත්ය.


යමෙක් යමකට හිමිකම් කියයිද, ඔහුගේ හිමිකාරත්වය ඒ දේට පමණය. යමෙක් සියල්ල අත්හරීද ඔහු විශ්වයේ අයිතිකාරයාය. නුමුත් ඔහු කිසිවකට අසු වී නැත.


ලෝකය පවතින්නේ බොරුව මතය. ඔබ එම බොරුවේ මුරකාරයාය. දිනපතා එම බොරුව නඩත්තු කරන්නේය. සියල්ලට අසු වී ඇති බවට සාක්ෂිය එයයි.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top