නිවීමේ පණිවිඩය රැගත්-20

නිවීමේ පණිවිඩය රැගත්… 20




ඔබ සතුව පවතින දේ නිවීමට බාධාවක් නොවන්නේ නම් අත්හැරීම විඩාවකි !

යම් වස්තුවක් යම් පුද්ගලයෙක් විඩාවක් ඇති කරයි නම් එම විඩාව ඇතිකරන්නේ එම සත්ත්වයාට නොව එම සත්ත්වයාගේ නිවීමටය!

කුමණ වස්තුවෙන්  කුමණ සත්ත්වයාගෙන් විඩාව  හටගන්නේද දැනගන්න කවදා හෝ එම වස්තුව එම සත්තවයා අත්හරින්නට සිදු වන බව !

ඔබ ලෝකයේ අසරණ වන්නේ නිවැරදි සරණක් නැතිකම නිසා නොවේද !

තිසරණ සරණ යන්නාට ලොව කිසිදා අසරණයක් තවත් නැත !

ඔබේ දැනුම ඔබට උඩගුකම මිස තවත් ඇතිකල යහපතක් වේද !



විඩාව ඇතිවන අවස්ථා

• සියලු භාණ්ඩවල නඩත්තුවේ අවසානය විඩාවයි.

• සියලු බැදීම්වල නඩත්තුවේ අවසානය විඩාවයි.

• සියලු දේපලවල නඩත්තුවේ අවසානය විඩාවයි.

• සියලු සෙනෙහසේ නඩත්තුවේ අවසානය විඩාවයි.


සැම බැදීමක්ම විඩාවක් ඇතිකරන බැවින් විඩාවකින් තොර බැදීමක් අගනේය.
සැම වස්තුවක්ම විඩාවක් ඇතිකරන බැවින් විඩාවකින් තොර පරිභෝජනයක් අගනේය.
සෑම පරිභෝජනයකදීම මෙය පුරුදු කරන්න.


විඩාවකින් තොරව පරිභෝජනය කරන්න. විඩාවකින් තොරව ආශ්‍රය කරන්න.
එවිට ඔබත් අත්හරින බෝධිසත්ත්වක් යැයි ලොව පවසනු ඇත.


විඩාව නම් අත්හැරීමට හේතුව. විඩාවෙන් තොරව අවසරය පරිභෝජනයට.


සියල්ල දන්නෙක් ලොව කිසිත් නැත. කිසිවක් නොදන්න බව දන්නා. සියල්ල දන්නෙක්ය.
මක්නිසාද ඔහුට අවශ්‍යවන්නේ සියල්ල දැනගැනීම නොව, නොදන්නා බව දැනගැනීම පමණය.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top