නිවීමේ පණිවිඩය රැගත්-21

නිවීමේ පණිවිඩය රැගත්… 21



අත්හරින සිතත් අත්හැරිය සිතත් එකමය !
වෙනස අල්ලාගත් සිතම අත්හැරිය සිත වන බව නොදන්නා කමය.

ලෝකයේ ලස්සනම තැන රූපයෙන් ලස්සන තැන නොව, කිසිම නාම රූපයක් සමග නොගැටෙන තැනය !

ඔබේ දැනුම ඔබ පාලනය කරයි නම්, ඔබ ඔබේ දැනුමට අසුවෙලාය !

ඔබ කිසිම දේකට අසු නොවන්නේ ඊට වඩා දැඩි දේකට අසු වෙලා සිටින නිසා නොවේද !

ජලය පහත් බිම් බලා ගන්නා සේ, කෙලෙස් ඉපදීම බලා ගලයි !

ඔබට සිතෙන දේ නොකර, කෙරෙන දේ සිතන්න පුරුදු වන්න !

සියලු දේ සුදුසු තැන්වල ස්ථානගතව ඇත. අස්ථානගත කිරීම ලෝභය ලෙස හැදින් වේ !



විඩාව ඇතිවන අවස්ථා

• අල්ලාගැනීමේ උවමනාව පවතින්නේ යම්තාකකල්ද, අත්හැරීමත් ඒතාක්කල් පවතී .

• අත්හැරීම පවතින්නේ යම්තාකකල්ද,  අල්ලාගැනීමේ උවමනාවත් ඒතාක්කල් පවතී .


ඔබ කොපමණ අත්හැරියත් අල්ලාගැනීමේ උවමනාව ඇති තාක් එම අත්හැරීම නිමාව දකින්නේ නැත. අත්හැරියත් නැවත එය අල්ලාගනියි.

අත්හරින්න, අන්සතු කරන්න, අයිත්ය අහිම් කරගන්න, උවමනාවක් ඇති නොවන සේ.

මෙය සතර ඉරියව්වෙන් පුරුදු කරන්න !


අත්හරින දේ වටිනාකමින් ශුන්‍ය කර අත්හරිනන. එය නැවතගැනීමේ උවමනාව හටනොගෙනු අත.


ඔබ දුන්නා යනු ඔබ දුන්නා මිස අසුවලා ගත්තා ලෙස නොසලකන්න. එවිට එය දුන්නාමය.



දෙන්නේ දෙන්නම නම් ඒ පිලිබද පවතින උවමනාව නැවත ගැනීම නිර්මානය කරන බව තවම නොතේරුනේද!



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top