නිවීමේ පණිවිඩය රැගත්-22

නිවීමේ පණිවිඩය රැගත්… 22




යමෙක් කළබල වන සෑම මොහොතේම වරදින්නේය. වරදින්නේ කළබලය නිසා නොව, සිතුවිලි හදුනාගැනීමට අපොහෝසත් වු නිසාය !

ඔබ සෙනෙහේ පාන්නේ ආදරයට කැමති නිසා නොව ස්පර්ශයට කැමති නිසාය !

ප්‍රේතයාට භය වන්නහූය, ඔබත් ප්‍රේත ක්‍රියාවෙන් ප්‍රේතයෙක් වන බව නොසිතන්නේය !

ඉල්ලන්නන්ට දෙන්නා ණය දෙන්නාය, නිවීමට දෙන්නා දන් පාරමී පුරන්නාය !

තට්ටු කරන්නාට දොර හරින්නා නවාතැන් දෙන්නාය. කිසිකලක දොර නොවසන්නා සියලු සත්ත්වයාට සරණ දෙන්නාය !

සොයන්නාට සම්භවන්නේ සෙවු නිසාය, ලැබුණ දේ කුමට ලැබුණේදැයි සොයන්නා මාබෝසතානෝය ! සාදු නමාමි පාරමී ඥාණං

සියල්ලෝ ගමන යති. තම ගමන දන්නෝ නිමා වෙති !

රහත් ඵලය සැමට වටින්නේය. රහතාට රහතාත් රහත් ඵලයත් කුමට වට්න්නේද !



• දන් දෙන කල එහි ආනිසංස සිතන්නා දන් දෙන්නක් නොව දන් ලබන්නෙකි.

• දන් දී පසු පින් ඉල්ලන්නා දුන් දේ නැවත ලබන්නෙකි.

• දන් ලබා ගුණ කියන්නා ණයට දන් ගන්නෙකි.

• දන් දීමට පෙර ආනිසංස සිතන්නා දන් දෙන්නක් නොව දන් ආයෝජනය කරන්නෙකි.

• දන් දී අපාහදින්නා දානයෙන් කොඩිවින කරගන්නෙකි.

• දන් දී පහදින්නා දන්දීමෙන් නිදහස් වන්නෙකි.


ඔබ අත්හරින්නේ අනුන් උදෙසා බැවින් අත්හරින දේ ගැන සිතීමට අවශ්‍ය නැත. ලබන්නා අවශ්‍ය නම් සිතාගන්නේය. දෙන දේ දෙපාරක් කිසිකලක නොසිතන්න.


ගන්න සියල්ලම ප්‍රශ්ණය. ප්‍රශ්ණ ගන්න නොසිතූ ඔබ නිදහස් වීමට කුමට නම් සිතන්නේද ?


ගන්න සියල්ලම ප්‍රශ්ණය. ප්‍රශ්ණ ගන්න නොසිතූ ඔබ නිදහස් වීමට කුමට නම් සිතන්නේද ?



කෙනෙකුගෙන් ඔබට ලැබීම ධර්මතාවයක් නම්, ඔබෙන් තවකෙනෙකුට ලැබීමත් ධර්මතාවයකී.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top