නිවීමේ පණිවිඩය රැගත්-23

නිවීමේ පණිවිඩය රැගත්… 23



ඔබ ස්වාමියාට, බිරියට, දරුවට ආදරේය. සැබවින්ම ඔබ ආදරේ ඔහුන්ට නොව,
කෙලෙස්වලටය කෙලෙස්වල ක්‍රියාකාරී ස්වභාවය 
ආදරය
සෙනෙහස
හිතවත්කම
ලෙන්ගතුකම
බැදීම
මිතුරුකහ
නෑකම
හැදුනුම්කම.

යමෙක් යමක් ලබාගන්නේ ඔහු උදෙසා නොව, ඔහුගෙ කාමයන් උදෙසාය !

විවිධාකාර මිනිසුන් අතර විවිධත්වය දුටුවෙහිය,
විවිධත්වයෙන් විවිධ වු සම්මාව ඒ තුල දුටුවෙහිද !

රාගය ඇත්තාට,
අවු 60 අවු 18 ලෙස පෙනේ
අවලස්සනය පවා අලංකාරයක්ය
හටගන්නාවු නින්දාව මිහිරිය

ඉවසන්න බැරි ගද සුවදක්ය
වැඩිහිටියා පවා බාලයෙක් සේ දැනේ
වර්තමානය අතීතයේ සැගවිලාය

ලෝකයේ ඕනෑම දෙයක් කරන්නට සුදානම්ය
දෙමව්පියෝ ඝාතනය පවා ඔහුට සරල දෙයක්ය
උම්මත්තක ස්වභාවය ප්‍රිය කරයි

බොරු කියන්න බොරු හදන්න දක්ෂය
නොසැලකිලිමත්කම අප්‍රමාණය
රාගය උදෙසා මාසය දිනයක් සේ ගෙවෙයි

උදකලාව ප්‍රිය කරයි, නුමුත් උදකලා නොවෙයි
ධනය ජලය මෙන් දිය කරයි
දරුවෝ දෙමව්පියෝ අසරණ කරයි

රස්සාවට වඩා රස්සාවට යෑම ප්‍රිය කරයි
දැකීම, ලග සිටීම ලෑබුණ වරමක් සේ දැනේ
කව්රු මොනවා කිව්වත් නොහැසේ

ප්‍රේමය නොකිව්වත් එය ඇසේ
දකින සියල්ලෝ ඔහු හෝ ඇය ලෙස පෙනේ
ජීවිතය පවා පුදයි.

නොලැබුනොත් ආදරය ජීවිතය පවා උදුරයි
දරුවෙක් ලැබ වසරකින් මේ සැම වැරදුන තැන් ලෙස හැදිනේ.



• කිසිවක් නොඅල්ලා ගන්න !

• කිසිවකට අසුද නොවන්න !

• බලාපොරොත්තු ඇති නොකරගන්න !

• පිහිට නොපතන්න !

• හෙටට කල් නොදමන්න !

• මොහොත පරිහරණය කරන්න !

• අනුන්ගේ දේවලට ආසා නොකරන්න !

• තමාගෙ දේට වටිනාකම නොදෙන්න !

• පරිභෝජනය පවා විඩාවක් ලෙස දකින්න !

• සියල්ල දුක්ඛ අවබෝධය පිණිස බව තේරුම්ගන්න !


අත්හරින බෝසතානෙනි!
තවම අත්හැර නැත්තේ කුමක්ද ?
තවම අසු වී ඇත්තේ කුමකටද ?
අසුවන්නේ කුමණ දෙයකටද ?
අල්ලන්න කැමති කුමක්ද ?
නෙදැනුවත්ව ඇල්ලෙන්නේ කුමකටද ?

මෙය නිතර නිතර ඔබෙන්ම විමසන්න.
රහත් වෙනකම් පුරුදු කරන්න.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top