නිවීමේ පණිවිඩය රැගත්… 27

දහම් පදය
“ සැබෑ අත්හැරීම ප්‍රායෝගිකව හෝ මනසින් හෝ අත්හැරීම නොව, සියල්ල පිළිබද අයිතිය අත්හැරීමය “
අයිතිය පවතින අවස්ථා
• ඔබ ප්‍රායෝගිකව අත්හැරියත් මනසින් අත්හැරියත් අයිතිය ඔබ සතු නම් ඔබේ ඉපදීමත් එතැනමය !
• අත්හරින්න අත්නෑර, යලි අත්නොහරින්න අත්හරින්න !
• අනුන්ගෙ දේ අත්හරින්නෝ බොහෝය, තම දේ අත්හරින්නෝ විරලය !
• හැමදේම අත්හරින්නා අත්හැරීමේ රැකියා දරන්නෙකි, නිවීමට අත්හරින්නා නිවනේ නිවීමකි!
• ඔබත් ඔබේ සහකරු සහකාරි අත්හරින්නේ කෙසෙදැයි සිතන්නෙක්ද ?
ඔබ අත්හැරිය යුත්තේ සහකරුවත් සහකාරියන් නොව, ඉපදීම නිර්මාණය කරන ඔබේ අනුවනකමය !
• උත්සහවන්තයා ලොව ජය ගනී
“ කාමලෝකයේ”
කාමයට උත්සහ නොදරන්නා ජය ගනී
“ආර්යලෝකයේ “
• දුක මිස සැප විදින්නෙක් ලොව කිසිත් නැත, සැප සොයන්නේ ඔබ නොව, ඔබේ අනුවනකමය!
• අතේ පමණට වස්තුව ඇත්තා, වස්තුව පාලනය කරයි.
තම උසට වස්තුව ඇත්තා වස්තුවෙන් පාලනය ලබයි !
• ඔබට ඔබ මිස වෙන කවරෙක්ද ?
ඔබට ඔබවත් නැතිකොට කිනම් අසරණකමක්ද?
අවවාද !
දෛනික ජීවිතය දෙස බලන්න. දුකට වැඩ කරන කාලයට සාපේක්ෂව නිවීමට වැඩ කරන කාලය ලජ්ජාසහගතය. ඔබ ඔබව රවට්ටාගැනීමෙන් කුමක් බලාපොරොත්තු වන්නෙහිද ?
ඉපදීමටත් දුකටත් ඔබ එපමණ ප්‍රියද ?
දෛනිකව මරණය ඔබට ලං වෙයි.
එය දෛනිකව ඔබට සිහි වීද ?
දුක වැඩිකරගන්න වෙහෙසෙන ඔබ, ඔබට පිලිකුලකි.
අඩුපාඩු සගවාගෙන පෞර්ෂත්වය පෙන්නන ඔබ ඔබට නින්දාවකි.
ඔබේ වැරදි නොදැක අනුන්ගෙ වැරදි දකින ඔබ, ඔබට අන්ධයෙකි.
ඔබේ ඇද නොදැක අනුන්ගෙ ඇද දකින ඔබ, ඔබට අංගවිකලයෙකි.
අවධිව නිවැරදි වන්න මෙය පිරිනිවීමේ කාලයයි !
කමටහන
~ ඔබ සතු සියල්ල අනුන්ගේ ලෙස දකින්න.
~ අයිතිය නැති හිමිකාරත්වයක් කොට සලකන්න.
~ කිසිවක් කිසිවකුට අයිතිකරගත නොහැකි
ධර්මතාවය අදහන්න.
~ වස්තුවේ හරය දුක ලෙස පිළිගන්න.
මෙය සතර ඉරියව්වෙන් පුරුදු කරන්න !
අටුවාව
භෞතිකව හෝ මානසිකව යමක් ප්‍රතික්ෂේප නොකර, එයි අයිතිය ප්‍රතික්ෂේප කරන්න.
වස්තුව එතැනමය. නුමුත් ඔබ වෙන තැනය.
ටීකාව
ඔබ තුල නඩත්තු වන්නේ වස්තුව නොව , එයි අයිතියය.
සරලාව
භෞතිකව අත්හැරීමෙන් නිදහසකුත්,
මානසිකව අත්හැරීමෙන් විවෙකයකුත් ලැබෙනු ඇත.
අයිතිය අතිහැරීමෙන් පමණක් නිවීම හට ගනු ඇත.
(අයිතිය ඇත්තා බෝගියාය, අයිතිය නැත්තා යෝගියාය!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ