නිවීමේ පණිවිඩය රැගත්-29

නිවීමේ පණිවිඩය රැගත්… 29





  විශ්ව නීතිය

• ඔබට යමක් අවශ්‍යය නම් ඒ දේ පලමුකොට දිය යුතුය. යමක් අනුන්හට නොදීමට නම් එය නොගෙන සිටිය යුතුය !

• ලැබෙන්න ඕන කෙනාට ලැබීමත් නොලැබෙන්න ඕන කෙනාට ප්‍රතික්ෂේප වීමත් විශ්ව නීතියයි .

• ලැබෙන කෙනා පොහෝසත් වීමත්, නොලැබෙන කෙනා දුප්පත් වීමත් විශ්ව නීතියයි .

• පතන දේ නොලැබීමත් නොපතන දේ ලැබීමත් විශ්ව නීතියයි .

• අන්සතු දේ තම සතු වීමත් තමසතු දේ අන්සතු වීමත් විශ්ව නීතියයි .

• යහපත පමණක් කිරීම අරමුණ විය හැකිය, යහපත අයහපත දෙකම විශ්ව ධර්මතාවයක් නම් වෙන් කරන්න අප කවරෙක්ද !

• දෙන්නේ කුමක්ද එයම ලබන්කහූය 
• ගන්නේ කුමක්ද එයම දෙන්නහූය
• කියන්නේ කුමක්ද එයම අසන්නහූය
• කරන්නේ කුමක්ද එයම සිද්ධවන්නේය
• සිතන්නේ කුමක්ද එයම සිතෙන්නේය

“පිලිගන්න අකැමැති වුවත් එයයි විශ්ව නීතිය ! ”
පෘතජ්ජනය !

විශ්වය හැඩගස්වන්නට වෙහෙස නොවී, විශ්වයට හැඩගැසෙන්න.

කැමැත්තට ජීවත් වීමට වඩා ජීවත්වන ජීවිතයට කැමති වන්න.

කොපමණ ලැබුණත් විශ්වයෙන් ඉල්ලාගන්නා මනසින් වසන්න.

නැති නාම රූපවලට සුදුසුකම් නොහදා, ඇති නාම රූප සදහා ඇති සුදුසුකමින් සැනසෙන්න.

ජීවිතය ඔබගේයැයි සිතන්නෙහිද , ඔබත් ජීවිතයත් විශ්වයට මිස අයිතිය වෙන කාටද ?


විඩාව ඇත්තා භාග්‍යවන්තයාය, මක්නිසාද එයින් කවදා හෝ නිදහස ලබන්නේය !
විඩාව අපතුල නිදහස් වීමේ උවමනාව ඇති කරයි. චතුආර්්‍යසත්‍යට මග පෑදිමකි.
සෑම විඩාවකින්ම නිදහස් වීමට එම විඩාවේ හේතුව සොයා නිරෝධ කරන්න.


විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල නිර්මාණය වේ. විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල ක්‍රියාත්මක වේ.
විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල ඇති වේ.
විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල නැති වේ.
විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල ගනුදෙනු වේ.
මෙය තේරුම්ගත්තා විශ්වයයි



මේ භවයත් ගත කරන ජීවිතයත් පෙර භවයක ප්‍රතිරුවයි.

මේ භවයත් ගත කරන ජීවිතයත් ඊලග භවයේ ප්‍රතිරුවයි.

මෙය තේරුම්ගත්තා විශ්වයම තේරුම්ගත්තේය !


අප විශ්වයෙන් යමක් බලාපොරොත්තු වීම වරදක් නොව, බලාපොරොත්තු වන දේ කලින් දුන්නාද යන්න සොයා නොබැලීම වරදකී.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top