නිවීමේ පණිවිඩය රැගත්… 30

දහම් පදය
“ අල්ලාගත් දේවල්වල අයිතිය ඔබ සතු නම් අත්හැරීමක් අවශ්‍ය වේ.
අත්හැරීමේ අයිතිය ඔබ සතු නම් අල්ලාගැනීමක් අවශ්‍ය වේ “
උවටැන් ෴
• භෞතිකව හෝ නාමිකව යමකට අයිතිය ඇතිනම් නිවීමට එයින්, අවශ්‍යය අත්හැරීමක් !
• පූජා කල දේ පූජාකලාය යන මතකයට පවා, අවශ්‍යය අත්හැරීමක් !
• පූජා කල චීවරය තමා දුන්නායැයි මෙනෙහි කරයි නම් නිතර, අවශ්‍යය අත්හැරීමක් !
• කල දේ කලායැයි සිතේ නම්, මිදීමට එයින් අවශ්‍යය අත්හැරීමක් !
• ඔබේ ප්‍රාර්ථනාව තමකම නිපදවයි නම්, අවශ්‍යය අත්හැරීමක් !
• මිත්‍රත්වය ධෛර්යය ගෙන දේ නම්, අවශ්‍යය අත්හැරීමක් !
• ඇත්නම් වත්කමක් මානසිකව, අවශ්‍යය අත්හැරීමක් !
• නිලයෙන් බලයෙන් හයියක් දැනේනම්, අවශ්‍යය අත්හැරීමක් !
අවවාදය
කාමයෙන් කාමය කිසිදා නොසංසිදේ !
යමෙක් පලිගැනීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?
යමෙක් ධනවත් වීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?
යමෙක් අනාචාරයේ ඇසිරීමෙන් රාග ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ
තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?
යමෙක් සත්‍ය සැගවීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?
යමෙක් මත්වීමෙන් ප්‍රශ්ණ විසදේයැයි සිතයිද, ඔහුට අත්වන්නේ තවත් ප්‍රශ්ණයක් මිස වෙන කුමක්ද ?
“දරුව, පංචකාමයෙන් වැලකි සිට බලන්න,
ඔබට නිවීම මිස අත්වන්නේ වෙන කුමක්ද !!! “
කමටහන
කිසිම භෞතිකයකට මානසිකත්වයකට අයිතිය නොකියන්න. මන්ද , හැම අයිතියක්ම සසරක් ගොඩ නගයි. අයිතියෙන් තොර පරිභෝජනය පුරුදු කරන්න.
අටුවාව
ලොව අයිතිය කියන්නා නැවත ඇති වන්නේය,
ලොව අයිතිය නොකියන්නා ලොවෙන් නැති වන්නේය.
ටීකාව
ඔබෙන් ඔබව සගවා ගන්නවාට වඩා ඔබට ඔබව හදුන්වා දීම අගනේය !
සරලාව
කිසිවක් තමාට අයිති නැහැ. යන අයිතිය සතු වන්න. එවිට නිවන ඔබ සතුය.
(ඔබට ඔබවත් අයිති නැතිකොට ඔබට මොන අයිතියක්ද !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ