නිවීමේ පණිවිඩය රැගත්-31

නිවීමේ පණිවිඩය රැගත්… 31





කමටහනට කමටහනක්

ගිය දේ ගියාවේ
නොලැබු දේ නොලැබුණාවේ
නොඇසු දේ නොඇසුනාවේ
වෙන දේ වුනාවේ
වෙන්නැති දේ නොවුනාවේ
කියන දෙයක් කිව්වාවේ
ගන්න දෙයක් ගත්තාවේ
දෙන දෙයක් දුන්නාවේ
ලැබෙන දෙයක් ලැබුණාවේ
අහිමි දේ අහිමි උනාවේ

වයසට යනවා නම් ගියාවේ
ලෙඩ වෙනවා නම් වුනාවේ
මැරෙනවා නම් මැරුණාවේ

සියල්ලම කමටහන්ය නිවෙන්නා හට !!!


කෙරෙන දේ කෙරෙන්න හරින්න
කරන දේ කරන්න හරින්න
කියන දේ කියන්න හරින්න
ගන්න දේ ගන්න හරින්න

නිවුනු සිත මෙය නම් ඔබේ සිත මෙය කරගන්න !


කමටහන් සොයන්නේ මක්නිසාද ?

දකින සියල්ල කමටහන්ය නිවෙනවනම්
ඇසෙන සියල්ල කමටහන්ය නිවෙනවනම්
දැනෙන සියල්ල කමටහන්ය නිවෙනවනම්
සිතෙන සියල්ල කමටහන්ය නිවෙනවනම්


සියලු නාම රූපයෝ ඔබ නිවන්නට වෙහෙසෙයි.
ඇවිලෙන්නේ ඔබ මිස අවුලවන කෙනෙක් තවත් නැත.


ඔබෙන් ඔබ නිවෙන්න. මන්ද නිවන ඇත්තේ ඔබ තුලය. නුමුත් සොයන්නේ බාහිරවය.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top