නිවීමේ පණිවිඩය රැගත්… 33

දහම් පදය
“ දැන අල්ලගත් දේවල් දැන අත්හරින්න.
නොදැන අල්ලගත් දේවල් නොදැනම අත්හරින්න“
උවටැන් ෴
අත්නෑර අත්හරින්න
• දැනගත් දේ අල්ලගන්නේය අල්ලගත් දේ අත්හරින්නේය.
කිසිවක් අවශ්‍ය නැත යන අවශ්‍යතාවය
ඇත්තාට අල්ලගැනීමක්වත් අත්හැරීමක්වත් අවශ්‍ය වන්නේ නැත.
• තන්හාව බොහෝ දෙ අල්ලගන්න උපකාර කරයි. නින්දාව සියල්ල එපා කරයි.
අල්ලගන්නේ ඔබේ අවශ්‍යතාවයටද වස්තුවේ අවශ්‍යතාවයටද යන්න දුටු විට වස්තුවත් අල්ලාගැනීමත් එපා වේ.
• නොසොයන්න. මන්ද, සොයන්නාට සම්භවන්නේ සෙවීමේ ප්‍රතිඵලයය.
ප්‍රතිඵලයෙන් නිවීමට සෙව්වටත් වඩා වෙහෙසක් දැරිය යුතු නොවේද ?
• තට්ටු නොකරන්න. මන්ද, තට්ටුකර ඇරගත් දොර වහන්න වෙන්නෙත් ඔහුටමය.
නිකම් තිබෙන දොරක් තට්ටුකර ඇර වැසීමට වඩා
එසේ නොකිරීම වඩා යහපත.
කමටහන
අසු වී තිබෙන බැදීම් හා වස්තු දැනගන්න.
කවදා හෝ අත්හැරෙන බව වටහාගන්න.
එය එම මොහොතේම අත්හරින්න දක්ෂ වන්න.
අටුවාව
දැනගත් දේ අල්ලගත් ඒවාය
නොදැන ගත් දේ අසු වු ඒවාය
දැනීම දැනගත්තේ කෙසේද ,
නොදැනිමත් එක්තරා දැනගැනීමකි.
නොදන්න බව දැනගත් විට
ටීකාව
අල්ලගෙන ආදීනව දැන අත්හරින්නට වඩා අල්ලානොගෙන ආදීනව දැන අත්හරින්නා කොපමණ ශ්‍රේෂ්ඨද !
සරලාව
අල්ලාගන්න වෙහෙසෙන්නාට වඩා
අත්හරින්න වෙහෙසෙන්නාටත් වඩා
අසුනොවීමට වෙහෙසෙන්නා කොපමණ ශ්‍රේෂ්ඨද !
(තමන්ට අනුන්ගෙන් වන කරදරවලට වඩා තමන්ගෙන් වන කරදර අධිකය !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ