නිවීමේ පණිවිඩය රැගත්… 34

දහම් පදය
“ යමෙක් යමක් අත්හරින්නේ අත්හැර නොව, තවත් යමක් ඒ වෙනුවට අල්ලාගෙනය, අත්හරින දේට වඩා අල්ලාගත් දේ වටින්නේද එතැන අත්හරියි “
යමෙක් ප්‍රිය බිරිය අත්හරින්නේ ඊට වඩා කෙනෙකුට ප්‍රිය නිසා නොවේද
යමෙක් ජීවිතය පුදන්නේ ජීවිතයට වඩා පුදනු ලබන කෙනා වටින නිසා නොවේද
යමෙක් කරන රැකියාව අතහරින්නේ තවත් රැකියාවකට කැමති නිසා නොවේද
“ අත්හරින අතහැර දේ අත්නෑර අත්හරිනවාට වඩා අත්හැර අතහැරීම අගනේය “
උවටැන් ෴
අසුවෙන අත්හැරීමක්
• පින්කම් අල්ලාගන්නා පින්කමට කුමක් අතහැරියත් පින්කමට අසුවෙලාය !
• අවබෝධය පිණිස කුමක් අතහැරියත් අවබෝධයට අසුවෙලාය !
• අන් අයගේ යහපත පිණිස කුමක් අතහැරියත් තෘප්තියට අසුවෙලාය !
• නිවීම පිණිස කුමක් අතහැරියත් නිවනට අසුවෙලාය !
• සුගතිය වෙනුවෙන් කුමක් අතහැරියත් සුගතියට අසුවෙලාය !
• මහනකම වෙනුවෙන් කුමක් අතහැරියත් මහනකමට අසුවෙලාය!
• විවෙකය වෙනුවෙන් කුමක් අතහැරියත් විවේකයට අසුවෙලාය !
ප්රඥාවට පාරමී
ඔබ ගමනක් යන බව සිතන්නේය, යන්නේ ඔබ නොව, ඔබේ කර්මයය. ඔබ තවම එතැනමය ! ලොවත් සත්ත්වයෝත් කලබලබව හැගෙන්නේද,
කලබල ඔබ පමණය. සියල්ල නැවතිලාය !
එකිනෙකට ගැටීම කර්මයැයි සිතන්නේද ?
එකිනෙකට නොගැටීමත් කර්මයයි !
අපිළිවෙලට හැදීමද අලංකාර දසුනකි රාගය ඇත්තාට.
අපිළිවෙලට හැදීමද කම්පා සහගත දසුනකි අයිතිය ඇත්තාට.
අපිළිවෙලට හැදීමද අනුකම්පා දසුනකි ආර්්‍යය ඇත්තාට.
රහතාට මුළු ලොවම නැවතුනා සේ දැනේ,
පෘතජ්ජනයාට රහතා නැවතිලා නැහැ වගේ දැනේ.
නැවතීම දන්නේ තවත් නැවතිච්ච කෙනෙක් මිස වෙන කවරෙක්ද ?
කමටහන
අත්හරින්නේ අතහැරෙන්න නම්, අල්ලාගැනීමක් ඇති අත්හැරීමෙන් ඵලක් නැත. අත්හැරීමෙන් හටනොගන්නා ලෙස අත්හරින්න.
අටුවාව
පින්කමකදී පින්වතා නොසැනසෙන්නේ පින්කමේ දෝෂයක් නිසා නොව, නිවැරදිව අත්නොහැරු නිසාය.
( නිමාව කෙදිනද ඔබත් ඔබේ අත්හැරීමත් !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ