නිවීමේ පණිවිඩය රැගත්… 35

දහම් පදය
“ බෝධිසත්ත්වයා තම පාරමී වෙනුවෙන් සියල්ල අත්හරියි. නුමුත් පාරමිතාව කිසිදා අත්නොහරියි“
ඔබත් බෝසතෙකි, රහත් බෝධිය පතන
“රහත් බෝධිය පතන බෝසතාණෙනි මේ ප්‍රශ්ණ කවදා හෝ තමන්ගෙන් විමසුවෙහිද “ ???
*වේගය තීරණය වන්නේ යන කෙනාට සාපෙක්ෂව නොව, නැවතිච්ච කෙනාට සාපෙක්ෂවය.
*යමෙක් මෙ මුළු ලෝකයම ලබා ගත්තත් ,
තම ජීවිතය ඔහුට අහිමි වේ නම්, ඔහු ලබා ගත් ලෝකයෙන් ඔහුට ඵලක් ඇද්ද?
*රත්තරං ලැබුණත් වැඩක් ගන්න බැරිනම් රත්තරනෙන් වැඩක් තියෙද?
*ලෝකේම රූ රැජින සරණපවා ගත්තත් වයසට යනවා නම් රුවෙන් වැඩක් තියෙද?
*දරුවට භාෂාව උගන්වන්නේ අනාගතේ බැනුම් අහන්නද?
*දරුවට උගන්වන්නේ අනාගතේ උපකාර ලබන්නද?
*දරුවා ශක්තිමත් කරන්නේ අනාගතේ ඔහුගෙන් ගුටි කන්නද?
*දරුවට දේපල දෙන්නේ අනාගතේ ඔහුට බැල මෙහෙවර කරන්නද?
*දරුවට ලේලියකු ගේන්නේ අනාගතේ දරුවා අහිමි කරගන්නද?
*සියල්ල තේරුම් ගත් ඔබ දරුවා තේරුම් නොගත්තේ අනාගතේ නඩු කියන්නද ?
*අවුරුදු 20 පවුල්වෙලාත් අවුල්නම් ගත කලේ පවුල් ජීවිතයක්මද ?
*ජීවත්වන නිවස සිරගෙයක් නම් කිරි උතුරා නිම කලේ ඇත්තටම නිවසක්මද ?
*නිවසතුල සුනඛයා හදන්නේ දරුවන්ට වඩා යුතුකම් කෙරෙන හින්දද ?
*කෑම කඩෙන් කන්නේ, ගෙදර කෑම තිත්ත නිසාද උයන කෙනා තිත්ත නිසාද ?
*සැමෝගෙන්ම යුතුකම් බලාපොරොත්තු වන්නේ තම යුතුකම් ඉටු කරලද ?
*තම නිදහස විදින්නේ අනෙක් අයගේ නිදහස උදුරගෙනද ?
*විවේක ගන්නේ අනුන් අවිවේක කරලද ?
*ලාභ ලබන්නේ අනුන්ගෙන් පැහැරගෙනද ?
* අනුන් එලා දකින්නේ තමන් නිවැරදි වෙලාද ?
* අසාධාරණයට නැගී සිටින්නේ සාධාරණය ඉටු කරලද ?
කමටහන
තමා ප්‍රශ්ණ කරන්න
තමා ගවේශනය කරන්න
තමා විමසන්න
තමා තේරුම් ගන්න
මෙය නිතර පුරුදු කරන්න !
(ප්‍රශ්ණ ඇසිය යුත්තේ අනුන්ගෙන් නොව, ඔබගෙන්ය !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ