නිවීමේ පණිවිඩය රැගත්… 39

දහම් පදය
“ අත්හැරිය දේ පරිභෝජනය කල නොහැක. නුමුත්, අත්හැරීම නිසා හටගත් නිවීම පරිභෝජනය කල හැක “
උවටැන් ෴
නිවීම පරිභෝජන කරමු
• අනුන් වෙනුවෙන් යමක් කරන්නේද , එය කරන්නට කලින් කෙරෙන්නේය.
( හේතුව, එතැන ඔබ නැත.)
• තමා ගැන පතන යමක් ඇද්ද එයි
අසාර්ථකභාවය අධිකය.
අනුන් ගැන පතන යමක් ඇද්ද එයි
සාර්ථකභාවය අධිකය.
• ආත්මාර්ථකාමි චෙතනය මාන්යය වඩයි.
පරාර්ථකාමි චෙතනය නිහතමාන්යය වඩයි.
තමා ගැන සිතන්නා තමකම පෝෂණය කරයි.
අනුන් ගැන සිතන්නා නිහතමානිකම පෝෂණය කරයි.
පතන දේ අනුන්ගේ යහපත පිණිස නම් එය ඉටු කිරීමට නොවෙහෙසෙන්න.
මන්ද එය සතර මහා භූතයෝම
සම්පුර්ණ කරනවා ඇත.
අටලෝ දහම පිලිගන්න. නිවන ඔබ පිලිගනු ඇත.
ගල් වඩුවා තඩිබා ගල වන්දනීය පිලිමය කරන්නේ කෙලෙසද ?
සියලු නාම රූප දිනපතා ඔබ නෙලන බව දැන ගන්න.
රන් කරුවා ගිනි මොලවා රන් පිරිසිදු කරන්නේ කෙලෙසද?
සියලු සත්ත්වයෝ ඔබේ කෙලෙස් දවා පිරිසිදුකරන බව දැන ගන්න.
කමටහන
සත්තවයා හෝ භාණ්ඩය පරිභෝජය නොකර, අත්හැරීමෙන් ලැබෙන නිවීම පරිභෝජන කරන්න.
අටුවාව
බලාපොරොත්තුවෙන් අත්හරින දේ කුෂල් ලෙසත්,
බලාපොරොත්තු රහිතව අත්හරින දේ නිවීම ලෙසත්,
ආයෝජනය වේ !!!
ටීකාව
සියලු දේ තුලින් නිවීමම දකින්න.
එම නිවීම ඔබ නිවනවා නිසැකය.
සරලාව
කුමක් අත්හැරියත් ඒ සියල්ල ඔබ සමගය නිවීමක් ලෙස, නිවීම ඔබ සමගය පිරිනිවෙන තෙක්
( අහිමි වීමත් එක්තරා හිමිකමකි!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්රාවක සංඝ