නිවීමේ පණිවිඩය රැගත්-41

නිවීමේ පණිවිඩය රැගත්… 41





ඔබ, තවම ඔබ සමගය


• සියල්ල සම්භවු ඔබට තවම සම්භනූනේ ඔබ පමණය.


• ඔබ සියල්ල අත්හරින්නේ අත්හැරීමේ පහසුව නිසා නොව, අල්ලාගෙන සිටීමේ විඩාව නිසාය.


• ඔබ සොයන්නේ නිවීමයයි සිතයි, ඔබ සොයන්නේ නිවීම නොව, ඔබමය.


• අත්හරින්නේ කෙසෙදැයි කල්පනා නොකොට, 
අත්හැරීමක් අවශ්‍ය වුනේ ඇයි දැයි කල්පනා කිරීම කොපමණ අගනේද.


• අල්ලාගත් දේ විඩාවක් නම් නිවීම පිණිස අත්හරින්න.
අල්ලාගත් දේ අත්හැරීම විඩාවක් නම් නිවීම පිණිස අල්ලාගන්න.


• හුදකලාවෙන් ආතතියක් හටගන්නේ හුදකලාව නිසා නොව, හුදකලාවෙන් ඔබේ කෙලෙස් පින නොවුන නිසාය.


• නිවීම සොයන්නේ නිවීම තෙරුම්ගත් නිසාද ?, 
පැවැත්ම ඔරොත්තු නොදෙන නිසාද ?
මෙය සිතා බැලුවෙයිද.


සියල්ල අත්හරින්නේ ඔබව ඉතුරු කරගෙනය. එය ඔබ හැර සියල්ලෝ දනිති. ඔබත් දැනගන්නට උත්සහ දරන්න.



යමෙක් නිතර ඔබ හෙලා දකින්නේ නම්,ඔහු හෙලා දකින්නේ ඔබ නොව ඔබේ දුර්වලකම්ය.


ඔබ දඩුවම් ලබන්නේ ඔබ උදෙසා නොව, ඔබේ අඩුපාඩු උදෙසාය.


යමෙක් ජීවිතේට වඩා ඔබට ආදරෙයි නම්, ඔහුගේ ජීවිතයට නොසලකන ඔහු ඔබට සලකයිද ?


දරුවට දුන් සැලකිලි නොලැබුණ බව සිතනවා නම්, කලේ සැලකිලි නොව, ව්‍යාපාරයකි. සියලු වියදම් කැපවීම් ආයෝජනයකි.


පඩුරු දමා ඉල්ලන දේ බුදුන්ගෙන් වුවත්,දුන්නේ අල්ලසක් නොවේද ?


සීලය ඔබ උදෙසා මිස, ඔබ උදෙසා සීලයක් නිර්මාණ වී නැත.



වස්තූන් අත්හරින්නේ කෙසෙදැයි තේරුම් ගත් ඔබ, වස්තුවේ ක්ලේෂය පවතින තෙක් අත්හැරීම කෙලවර නොවන බව තේරුම් නොගත්තේ මන්ද.



ඔබෙන්ම ඔබ නිර්මාණය වුවා සේ, ඔබෙන්ම ඔබ නිරෝධය වන්න.



ඔබව ඔබ අත්හරින්න. එයට පලමුකොට කිසිවක් ඔබට අයිති නැත යන සිත හදන්න.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top