නිවීමේ පණිවිඩය රැගත්… 44

දහම් පදය
” අල්ලාගැනීමෙන් යමක් අත්හැරේ, අත්හැරීමෙන් යමක් අල්ලාගැනේ. මෙය නාම රූප ධර්මතාවයයි “
උවටැන් ෴
අත්හැරෙන අවස්ථා
• ආශ්වාසය අල්ලාගන්නාට ප්රාශ්වාසය අත්හැරේ
ප්රාශ්වාසය අල්ලාගන්නාට ආශ්වාසය අත්හැරේ
• අල්ලාගැනීමෙන් අත්හැරීම අත්හැරේ
අත්හැරීමෙන් අල්ලාගැනීම අත්හැරේ
• සතිය අල්ලාගන්නාට අසිහිය අත්හැරේ
අසිහිය අල්ලාගන්නාට සතිය අත්හැරේ
• මිතුරුකම අල්ලාගන්නාට හතුරුකම අත්හැරේ
අතුරුකම අල්ලාගන්නාට මිතුරුකම අත්හැරේ
• දානය අල්ලාගන්නාට දීම අත්හැරේ
දීම අල්ලාගන්නාට දානය අත්හැරේ
• මිථ්‍යාව අල්ලාගන්නාට සම්මාව අත්හැරේ
සම්මාව අල්ලාගන්නාට මිථ්යාය අත්හැරේ
• දුස්සීලය අල්ලාගන්නාට සීලය අත්හැරේ
සීලය අල්ලාගන්නාට දුස්සීලය අත්හැරේ
• නිශ්ශබ්දය අල්ලාගන්නාට වාචාලකම අත්හැරේ
වාචාලකම අල්ලාගන්නාට නිශශබ්දය අත්හැරේ
• සැප සම්පත් අල්ලාගන්නාට විවේකය අත්හැරේ
විවේකය අල්ලාගන්නාට සැප සම්පත් අත්හැරේ
• පැවැත්ම අල්ලාගන්නාට නොපැවැත්ම අත්හැරේ
නොපැවැත්ම අල්ලාගන්නාට පැවත්ම අත්හැරේ
• අසංවරය අල්ලාගන්නාට සංවරය අත්හැරේ
සංවරය අල්ලාගන්නාට අසංවරය අත්හැරේ
• රාගය අල්ලාගන්නාට විරාගය අත්හැරේ
විරාගය අල්ලාගන්නාට රාගය අත්හැරේ
• ලෝභය අල්ලාගන්නාට අලෝභය අත්හැරේ
අලෝභය අල්ලාගන්නාට ලෝභය අත්හැරේ
• කුෂලය අල්ලාගන්නාට අකුෂලය අත්හැරේ අකුෂලය අල්ලාගන්නාට කුෂලය අත්හැරේ
• මහේච්ඡය අල්ලාගන්නාට අල්පේච්ඡය අත්හැරේ
අල්පේච්චය අල්ලාගන්නාට මහේච්චය අත්හැරේ
• ජානාකීර්ණය අල්ලාගන්නාට තනිකම අත්හැරේ
තනිකම අල්ලාගන්නාට ජානාකීර්ණය අත්හැරේ
• උත්තරය අල්ලාගන්නාට ප්‍රශ්ණය අත්හැරේ
ප්‍රශ්ණය අල්ලාගන්නාට උත්තරය අත්හැරේ
• වගකීම් අල්ලාගන්නාට යුතුකම් අත්හැරේ
යුතුකම් අල්ලාගන්නාට වගකීම් අත්හැරේ
• තිසරණය අල්ලාගන්නාට අසරණකම අත්හැරේ
අසරණකම අල්ලාගන්නාට තිසරණය අත්හැරේ
• හිමිකම් අල්ලාගන්නාට අහිමිය අත්හැරේ
අහිමිය අල්ලාගන්නාට හිමිකම් අත්හැරේ
• තමා අල්ලගන්නාට අනුන් අත්හැරේ
අනුන් අල්ලාගන්නාට තමා අත්හැරේ
• සම්මා දිට්ඨිය අල්ලාගන්නාට මිත්‍යා දිට්ඨිය අත්හැරේ
මිත්‍යා දිට්ඨිය අල්ලාගන්නාට සම්මා දිට්ඨිය අත්හැරේ
• සම්මා ස්‍රෝතය අල්ලාගන්නාට මිත්‍යා ස්‍රෝතය අත්හැරේ
මිත්‍යා ස්‍රෝතය අල්ලාගන්නාට සම්මා ස්‍රෝතය අත්හැරේ
• සම්මා කම්මන්තය අල්ලාගන්නාට මිත්‍යා කම්මන්තය අත්හැරේ
මිත්‍යා කම්මන්තය අල්ලාගන්නාට සම්මා කම්මන්තය අත්හැරේ
• සම්මා වායාමය අල්ලාගන්නාට මිත්‍යා වායාමය අත්හැරේ
මිත්‍යා වායාමය අල්ලාගන්නාට සම්මා වායාමය අත්හැරේ
• සම්මා ආජීවය අල්ලාගන්නාට මිත්‍යා ආජීවය අත්හැරේ
මිත්‍යා ආජීවය අල්ලාගන්නාට සම්මා ආජීවය අත්හැරේ
• සම්මා ජිව්හාව අල්ලාගන්නාට මිත්‍යා ජිව්හාව අත්හැරේ
මිත්‍යා ජිව්හාව අල්ලාගන්නාට සම්මා ජිව්හාව අත්හැරේ
• සම්මා සතිය අල්ලාගන්නාට මිත්‍යා සතිය අත්හැරේ
මිත්‍යා සතිය අල්ලාගන්නාට සම්මා සතිය අත්හැරේ
• සම්මා සමාධිය අල්ලාගන්නාට මිත්‍යා සමාධිය අත්හැරේ
මිත්‍යා සමාධිය අල්ලාගන්නාට සම්මා සමාධිය අත්හැරේ
• ධර්මය අල්ලාගන්නාට අධර්මය අත්හැරේ
අධර්මය අල්ලාගන්නාට ධර්මය අත්හැරේ
• ජීවිතාශාව අල්ලාගන්නාට මාර්ගය අත්හැරේ
මාර්ගය අල්ලාගන්නාට ජීවිතාශාව අත්හැරේ
• මාන්‍ය අල්ලාගන්නාට නිහතමාන්ය අත්හැරේ
නිහතමාන්ය අල්ලාගන්නාට මාන්‍ය අත්හැරේ
• කීකරුකම අල්ලාගන්නාට අකීකරුකම අත්හැරේ
අකීකරුකම අල්ලාගන්නාට කීකරුකම අත්හැරේ
• හිතුවක්කාරකම අල්ලාගන්නාට යටහත්පහත්කම අත්හැරේ
යටහත්පහත්කම අල්ලාගන්නාට හිතුවක්කාරකම අත්හැරේ
• මෛත්‍රිය අල්ලාගන්නාට ද්වේශය අත්හැරේ
ද්වේශය අල්ලාගන්නාට මෛත්‍රිය අත්හැරේ
• ඇත්ත අල්ලාගන්නාට බොරුව අත්හැරේ
බොරුව අල්ලාගන්නාට ඇත්ත අත්හැරේ
• පෝසත්කම අල්ලාගන්නාට දුප්පත්කම අත්හැරේ
දුප්පත්කම අල්ලාගන්නාට පෝසත්කම අත්හැරේ
• බැදීම් අල්ලාගන්නාට නොබැදීම අත්හැරේ නොබැදීම් අල්ලාගන්නාට බැදීම අත්හැරේ
• නොනිවීම අල්ලාගන්නාට නිවීම අත්හැරේ නිවීම අල්ලාගන්නාට නොනිවීම අත්හැරේ
• නිරෝධය අල්ලාගන්නාට සියල්ල අත්හැරේ
සියල්ල අල්ලාගන්නාට නිරෝධය අත්හැරේ
විශේෂ ගුරු අවවාද
• දකින දෙයින් ඔබ ඉපදෙනවා. ඉපදෙන දේ දකින්නේ නිවීමට අකමැති නිසාද ?
• ඇසෙන දෙයින් ඔබ ඉපදෙනවා. ඉපදෙන දේ අසන්නේ නිවීමට අකමැති නිසාද ?
• හැසිරිමෙන් ඔබ ඉපදෙනවා. ඉපදෙන විදියට ජීවත්වන්නේ නිවීමට අකමැති නිසාද ?
• සිතෙන දෙයින් ඔබ ඉපදෙනවා ඉපදෙන දේ සිතන්නේ නිවීමට අකමැති නිසාද ?
ඔබ ඔබට තරම් දරුණු සතුරෙක් තවත් ඔබට නැත්තේය. මක්නිසාද ඔබට අනන්ත අප්‍රමාණ අතුරුකම් කරන්නේ ඔබට ඔබ මිස වෙන කවරෙක්ද ?
අනාචාරයේ හැසිරුණේ ඔබ නොවේද ?
වෙරි බීවෙ ඔබ නොවේද ?
බොරු කිවේ ඔබ නොවේද ?
එකතු කලේ ඔබ නොවේද ?
මසුරු වුනේ ඔබ නොවේද ?
සොරකම් කලේ ඔබ නොවේද ?
වංචා කලේ ඔබ නොවේද ?
කපටිකම් කලේ ඔබ නොවේද ?
උඩගු වුනේ ඔබ නොවේද ?
අහංකාර වුනේ ඔබ නොවේද ?
හිතුවක්කාර වුනේ ඔබ නොවේද ?
අකීකරු වුනේ ඔබ නොවේද ?
අපහාස කලේ ඔබ නොවේද ?
නින්දා කලේ ඔබ නොවේද ?
පලිගත්තේ ඔබ නොවේද ?
දබර වුනේ ඔබ නොවේද ?
කථා නොකර සිටියේ ඔබ නොවේද ?
අහක බලා ගියේ ඔබ නොවේද ?
පිටුපෑවේ ඔබ නොවේද ?
දොෂ් කීවේ ඔබ නොවේද ?
හෙලා දැක්කේ ඔබ නොවේද ?
අමනාප වුනේ ඔබ නොවේද ?
ප්‍රතික්ෂේප කලේ ඔබ නොවේද ?
වෙන් වුනේ ඔබ නොවේද ?
වෙන් කලේ ඔබ නොවේද ?
හැසිරුණේ ඔබ නොවේද ?
ගත්තේ ඔබ නොවේද ?
දුන්නේ ඔබ නොවේද ?
සිතුවෙ ඔබ නොවේද ?
මීටත් වඩා දේවල් ඔබ ඔබේ නොනිවීමට කලා නම් ඔබේ එකම හතුරා ඔබට ඔබ මිස වෙන කවරෙක්ද ???
කමටහන
නිවීමට අදාල දේ වෙනුවෙන් නිවීමට අදාල නොවන දේ අත්හරින්න
අටුවාව
යමකගේ වෙන්වීම තව යමකගේ ලං වීම. මෙය තේරුම් ගන්නද මෙපමණ කල්…?
ටීකාව
අත්හරින්නත් නිකම් අත්හරින්න බැරිලු, තව මොනවහරි අල්ලගන්න ඕනලු !!!
සරලාව
යමක් නිසා යමක් පවති.
කුමක් නිසා ඔබ පවතීද ?
ඒ නිසා සියල්ල පවතී,
සියල්ල වෙනුවෙන් ඔබ පවති !
(අහෝ ප්රඥවතුන් ලොව පහල වේවා !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ