නිවීමේ පණිවිඩය රැගත්-45

නිවීමේ පණිවිඩය රැගත්… 45





විඩාව ඇතිවන අවස්ථා


• මිත්‍යාව පවතින්නේ සම්මාව හේතුවෙන්ය.
සම්මාව පවතින්නේ සම්මාව හේතුවෙන්ය.


මන්ද සම්මාවට හේතුවක් නැත. 
හේතුවක් ඇත්නම් පැවැත්මක් ඇත.
පැවැත්මක් ඇත්නම් දුකක් ඇත.


රහතුන් සම්මාව නිරෝධ නොකරයි, මන්ද සම්මාවෙන් ඉපදිමක් හට නොගනී.


මිත්‍යාව දුරු කිරීමට හටගත් ධර්මතාවයකී සම්මාව.


සම්මාවට ආරම්භයක් අවසානයක් නැත.


සම්මාවට පැවැත්මක් පැවතීමක් නැත.


සම්මාවට විදීමක් විදවීමක් නැත.


සම්මාවට ජාතියක් ජරාවක් නැත.


සම්මාවට පුද්ගලයෙක් සත්ත්වයෙක් නැත.


සම්මාවට වටිනාකමක් නැත.


සම්මාවට සීමාවක් නැත.


සම්මාව කිසිවකට අන්තර්ගත නැත, නුමුත් සියල්ල සම්මාවට අන්තර්ගතය !

ප්‍රඥාවට සම්මාව ගෝචර වන්නේය.
සම්මාවට ප්‍රඥාව කිසිදා ගෝචර නොවන්නේය.

පෘතජ්ජනයාට අවවාද


ඔබ දකින දේ විදිනවද විදවනවද ?
ඔබ අසන දේ විදිනවද විදවනවද ?
ඔබට දැනෙන දේ විදිනවද විදවනවද ?
ඔබ දන්න දේ විදිනවද විදවනවද ?
ඔබ සිතන දේ විදිනවද විදවනවද ?


ලෝකයේ බොහෝ පිරිස අනුවනකමින් මුලාව යන්නෝය. 
නුවනැත්තෝ මෙය නුවනින් විමසන්නෝය.

” ඔබ ඒ දෙදෙනාගෙන් කවරෙක්ද “


සියලු කෙලෙස් සම්මාවෙන් සංසිදේ, සම්මාව කිසිදා නොසංසිදේ මන්ද සම්මාවේ ඇත්තේ සංසිදීමක් නොව,
නිවීමක්ය මෙය සතර ඉරියව්වෙන් දකින්න.



පෘතජ්ජනයෙක් තමන් රහත් නොවන බව දැනගන්නේ තමන්ගේ කෙලෙස් වලින්ය.


රහතෙක් තමන් රහත් යැයි දැනගන්නේ තමන්ගේ නිකෙලෙස් වලින්ය.


ලෝකයේ යමක් අවශ්‍ය නම් එසේ අවශ්‍ය වන්නේ ඔබට නොව ඔබේ කෙලෙස් වලටය.
රහතෙකුට ලොකයේ කිසිවක් අවශ්‍ය නැත යන්න අවශ්‍යය. එසේ අවශ්‍ය වන්නේ ඔහුගේ නිකෙලෙස් වලටය.



සම්මාව හදුනන්නෙක් ඇත. නුමුත් සම්මාවේ
හදුනන්නෙක් නැත.



සම්මාව හැදින්නට නම් මිත්‍යාව හැදින්නට අවශ්‍යය.
මන්ද මිත්‍යාව නොහදුන්නාට කිසිදා සම්මාව හැදින්නිය නොහැකිය.



සියල්ල අත්හරින්න සම්මාව අවශ්‍යය. සම්මාව අත්හරින්න කිසිවක් අවශ්‍ය නැත. 
මන්ද සියල්ල අත්හරින්න පුද්ගලයෙක් ඇත, සම්මාව අත්හරින්න පුද්ගලයෙක් නැත.



සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top