නිවීමේ පණිවිඩය රැගත්-50

නිවීමේ පණිවිඩය රැගත්… 50





තිසරණ සරණං ගච්ඡාමි


• සරණ යන්නා අසරණයෙක්ය. තිසරණ සරණ යන්නා සරණාගතයෙක්ය.


• ඔබේ වත්කම අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ උපාධිය අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ ශක්තිය අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ රැකියාව අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ බලය අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ නිලය අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ  පෞර්ෂත්වය අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ මාන්‍යය අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ ස්ථිර තැන්පතුව අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


• ඔබේ විශ්‍රාම වැටුප අහිමි කරලාය ඔබේ අසරණකම. එම නිසා කොහේද තවත් යන්නට සරණක්.


තිසරණ සරණ යන්නට ඇති එකම සුදුසුකම කිසිම සරණක් නැති අසරණකමය. එම අසරණකම ඔබ සතුව නැත්නම් ,

තිසරණය ඔබ තුල පිහිටන්නේ කෙසේද ? 
තිසරණයේ ඔබ පිහිටන්නේ කෙසේද ? 


වත්කම්, අධ්‍යාපන, රැකියාව ආදියෙන් අසරණ කලා සත්ත්වයෝ.
අසරණ වුයේ ඔහුන් නොව, ඔබ පමණය.


සියල්ලෙන් අසරණ වුවෙකුට ඇති එකම සරණ තිසරණයයි. එයට ඔහු විය යුතුය අසරණ.


ඔබ සොයන්නේ සරණක් නම් එය නොසොයා සියලු අසරණකම් මතුකරගන්න. එවිට සරණ ඔබ සමගය පිරිනිවෙන තෙක් !!!


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top