නිවීමේ පණිවිඩය රැගත්-51

නිවීමේ පණිවිඩය රැගත්… 51





විඩාව ඇතිවන අවස්ථා

• ජීවිතය පූජා කිරිමටත් වඩා කම්මැලිකම අත්හැරීම කොපමණ අගනේද ?


• වස්තු පූජා කිරිමටත් වඩා ප්‍රමාදය අත්හැරීම කොපමණ අගනේද ?


• ඔරලෝසු පූජා කිරිමටත් වඩා වෙලාවට වැඩ නොකිරිම අත්හැරීම කොපමණ අගනේද ?


• සෙනසුන් පූජා කිරිමටත් වඩා ඉකිමීම නැතිකම අත්හැරීම කොපමණ අගනේද ?


• අවවාද අනුසාසනා කිරිමටත් වඩා එය නොපිලිපැදීම අත්හැරීම කොපමණ අගනේද ?



අධිකව නිදා ගන්නාගේ නිදාගන්නේ කය පමණක් නොව ඔහුගේ ආර්ථිකයත්ය.


නින්දට මුල් තැන දෙන්නාගේ ජීවිතයට ලැබෙන්නේ දෙවැනි තැනය.


අවධියට ප්‍රමාධ වන්නා සියල්ලටම ප්‍රමාධය.


ඔබ වෙනුවෙන් නින්ද තිබීම වරදක් නැත. නුමුත් නින්ද වෙනුවෙන් ඔබ සිටීමය වරද.


දැනටමත් ප්‍රමාදය නිරෝධයට. නිරෝධයට අත්හරින්න ඔබත් ඔබේ නින්දත්.

තථාගතයන් වහන්සේගේ අවවාදය !!!
“පුබ්බට්ඨාහිනියෝ”
පාන්දර අවදි වන්න.
සරලාව -:
සියල්ලන් අවදි වෙන්න කලින් අවදි වන්න.
සියල්ලන් නින්දට ගියාම නිදා ගන්න.


නින්ද අත්හරින්නා
අලසකම
මැලිකම
ප්‍රමාදය
අසිහිය
දුබලකම
නොතේරෙනකම
පාඩුව 
අලාභය
නින්දාව
අප්‍රසංසාව
අපකීර්තිය
හෙලා දැක්ම
ප්‍රතික්ෂේප වීම
අහිමි වීම
අකැමැති වීම
දුප්පත් වීම
දුර්වල වීම
ලෙඩ වීම
දුර්වලවීම
අඩපණවීම
අල්පායුෂ වීම
අකල් මරණය


අත්හරින්නේය


එකක් අත්හරින විට මෙපමණ දේ අත්හැරේ නම් තවත් කුමට නම් ප්‍රමාද අත්හරින්නට නින්ද නොනිදා.


අවශ්‍ය පමණ ආහාර කයේ පහසුව වන්නා සේ,


අවශ්‍ය පමණ ජලය කයේ විවෙකය වන්නා සේ,


අවශ්‍ය පමණ නින්ද කයේ නිරෝගිකම වන බව  නොතේරුනේ ඔබ තාම නිදි නිසාද ?


නින්ද නිදාගෙන තේරුම් නොගෙන අවධිව තේරුම් ගන්න.



අවදිව සිටින්නා ජීවිතයේ අවධානම දකින්නේය, නිදාගෙන සිටින්නා තම නින්දවත් නොදකින්නේය.



“නිදාගැනීමට නින්දක් අවශ්‍ය නැත.
නින්දට නිදාගැනීමක් අවශ්‍යය. “

පින් ඇත්තෝ තේරුම් ගනිත්වා !



නිවෙන්නා නොනිදා නිදා ගන්නේය.
නොනිවෙන්න නින්ද නිවනක් ලෙස සිතන්නේය.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top