වස්සානය 2024 – 04

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


අදවත් සිල්ගමු නේද !

බොරුවටවත් බොරු කියන්නෙපා !
ඇත්තටමවත් බොරු කියන්නෙපා !
බොරුවෙන් බොරුව සගවන්නෙපා !

ඇත්තෙන් බොරුවට පණ දෙන්නෙපා !
විහිළුවටවත් බොරු කියන්නෙපා !
විශ්වාසවන්තා හට බොරු කියන්නෙපා !

බොරුකියන්නාටවත් බොරු කියන්නෙපා !
ලංවෙන්න බොරු කියන්නෙපා !
ඈත්වෙන්න බොරු කියන්නෙපා !

බෙරෙන්න බොරු කියන්නෙපා !
වාසියට බොරු කියන්නෙපා !
පලිගන්න බොරු කියන්නෙපා !

සනසන්න බොරු කියන්නෙපා !
මුලාකරන්න බොරු කියන්නෙපා !
රස්සාවට බොරු කියන්නෙපා !

අරමුණ වෙනුවෙන් බොරු කියන්නෙපා !
නොදන් දේ කීම බොරුවක් අමතක කරන්නෙපා !
අමතක වෙච්ච දේ මතක්වෙන්නේ නැත්නම් බොරු කියන්නෙපා !

බොරු කියන්නෙපා !
බොරු කියන්නෙපා !
බොරු කියන්නෙපා !
කවදාවත් ජීවිතේ බොරු කියන්නෙපා !

“ මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාධියාමි“

මම ජීවමානව නැතිකල මේවා කියල දෙන්න කෙනෙක් නැති වෙයි කියා සිතුනා
එ නිසයි කලින් කිව්වේ.
කම්පාවට හේතුවක් වුනා වත්ද ?


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top