වස්සානය 2024 – 05

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


ඔබ ඔබට කියා යමක් ඉතුරුකරන්නේම ඔබ තවම ඔබ අත්හැර නැති බවට සාක්ෂියයි !

කෑම පිඟානේ කරපිංචා කොලයයි අමුමිරිස් කෑල්ලයි අයින් කරලා බත් කන්න තේරෙන ඔබට,
කටේ වචනවල අඩුවත් හැසිරීමේ අඩුවත් අයින්කරගන්න තේරෙන්නෙ නැහැ ?
පුදුමයි !

සමහර විට පිටසක්වල ජීවියෙක්වත්ද ?
සියලු වැරදි කරන්න කිසිම උදව්වක් අවශ්‍ය නැහැලු ඔබට.
හොදට තේරෙනවා හැමදේම.

අනාචාරයේ හැසිරෙන්න
වෙරි බොන්න
චංවා කරන්න
රවට්ටන්න
පලිගන්න
හිංසා හිරියැර පීඩා කරන්න
මාර වැඩේ,

ඒවා නතරකරවන්න දියසෙන් කුමාරයා පාරමී පුරාගෙන එන්න ඔනලු !
දෙයියෝ සාක්කි.

ඔහෝමත් මිනිස්සු ඉන්නවද මහ පොලොවේ.
කලින් දැනං හිටියේ නැහැනේ.
අම්මා තාත්තා අපිව හරියට හැදුවේ නැහැ කියන්න එපා.
අද කාලේ දරුවෝ දෙමව්පියන්වත් හදනවලු.
එච්චර තේරෙනවා !


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top