දාන පාරමී – නිවන් දකිමු ළිපි මාලාව
01
“ සංඝෙහි දින්නං නනස්සතී”
දානය උතුම් වන්නේ දීමෙන්ය , දානය ශ්‍රේෂ්ඨ වන්නේ ලැබීමට සුදුසු වීමෙන්ය !
ඔබ දුන් දානයම ඔබ නිදහස් කරන්නේය !
සියලු දේවල් ඔබ සන්තකයේය. නුමුත් ඔබ කා සන්තකයේද !
ගනුදෙනුවට මුලා නොවන්න.
මන්ද,
කුෂලයට ලැබීමත් අකුෂලයට අහිමි වීමත් මිස ඇත්තේ වෙන කුමක්ද !
යමෙක් මුලු ලොකයම අතහැරියත් තමාව අත් නොහරින්නේ නම් එයින් ඇති ඵලය කිමද !
ඔබේ වටිනාකම දන්නේ ඔබ නොව ඔබ අත්හරින වස්තුවය !
ඔබ කාවදාවත් මැරෙන්නේ නැහැ යැයි පොරොන්දු වෙන්න.
එවිට අල්ලගත්තට එකතු කලාට කම් නැත යැයි මම ඔබට කියමි !
ඔබේ ජීවිතයවත් ඔබට හිමි නැති කොට මොනවා ලැබුවත් කුමන පලක්ද !
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ