නිවීමේ පණිවිඩය රැගත්… 53

දහම් පදය
“ අත්නෑර අත්හරින අත්හැරීමෙන් නැති ඵලය, අත්හැර අත්හරින අත්හැරීමටය “
උවටැන් ෴
අත්නැති අත්හැරීම
( අත්නැති = අයිතිත් නැති, හිමිත් නැති දේ අත්හැරීයාම, නිදහස් වීම )
අත්හැරීමේ ඵලය ඒකාන්ත වශයෙන්ම නිෂ්ඵලය. අතිවේ නම් ඵල නැත අතහැරිලාය.
ඔබගේ අයිතිය අනුන්ටය. අනුන්ගේ අයිතිය ඔබගේය, මෙය විසඳව්වන් පෑවාය පිරිනිවන්.
අනුන්ගෙන් නා නා දේ අසන
ඔබ ඔබෙන් ඇසුවාද, ඔබ ඔබට අසුවෙලාදැයි,
ඔබ ඔබෙන් විමසුවාද?
ඔබ ඔබේ සරණාගතයෙක්දැයි,
ඔබ ඔබෙන් දැනගත්තාද?
ඔබ ඔබෙන් මුලාවෙලාදැයි
ඔබ ඔබෙන් ලැබුවාද
ඔබ ඔබේ නිදහස?
ඔබ ඔබෙන් ලබා ගත්තාද
ඔබ ඔබේ විමුක්තිය?
වෙහෙසෙන්නේ සැප උදෙසාය.
කරුමෙට ලැබුණේ දුක පමණය
උත්සහ දරන්නේ ගැලවෙන්නය.
මුලාවට වෙන්නේ අසුවීමය
කැමති ලබන්න උදවු උපකාර.
ලැබෙන්නේ තාඩන පීඩන.
ප්‍රියයි ඇසුරට සත්‍ය, අවන්ක,නිහතමානී.
හැමතැනම හොර බොරු වන්චා.
මෙවැනි ලෝකයක් කුමට ලබන්නද?
අත්හැර පිරිනිවීම හැර.
ගුරු අවවාද !
සතර ඉරියවුවෙන් දිනපතා ඔබව දකින්න.
පරිභෝජන කරන වස්තුවෙන් ඔබව දකින්න
ඔබේ වචන වල ඔබව දකින්න
ඔබේ හැසිරීමෙන් ඔබව හඳුනගන්න.
කමටහන
අත්නොහරින්නට නොවෙහෙසෙන්න.
ඵල නොදෙන අත්හැරීමට අත්හරින්න.
ආනිසංස ලැබෙයිනම්, ලැබුනොත්, ලබනවනම්, දැනගන්න ඒක අත්හැරීමක් නොවන බව සැමදා…
මෙය සතර ඉරියව්වෙන් පුරුදු කරන්න.
අටුවාව
පිටව යන්න ආපසු නොබලා.
දෙන්න නැවත නොගෙන.
ගන්න නැවත නොදෙන්න.
යන්න නැවත නො එන්න
කියන්න නැවත නොඅහන්න.
පිළිගන්න පලි නොගෙන.
අනුන්ගෙන් ලබන විට ලැබෙන විට ගන්නා විට, දෙන්නා අසරණවේනම් පීඩාවට පැමිණේ නම්, අපහසුවේනම්,
ඇත්තටම ගන්නේ පිළි නොව පලියයි.
ටීකාව
අපි උත්සහ කරන්නේ අනුන් හට ඉගැන්වීමටය.
අපි ඉගෙනගත යුත්තේ අපය, නොඉපදීමට අත්හැරීම.
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!
සරලාව
අත්හැරීමකින් කිසිවිටක ප්‍රතිඵල හට නොගැනීමට අත්හරින්න,
එවිට විශ්වය පැවැත්මෙන් ඔබව අත්හරියි.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ