වස්සානය 2024 – 10

අයං වස්සාන කාලෝ


“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“



ඔබට සිටින්නේ යාළුවෙක් නම්
යාළුවා පවතින්නේ යාළුකම තිබෙනතාක්කල් පමණි !

ඔබට සිටින්නේ දරුවෙක් නම්
දරුවා පවතින්නේ දරුකම තිබෙනතාක්කල් පමණි !

ඔබට සිටින්නේ ශිෂයෙක් නම්
ශිෂ්‍යා පවතින්නේ ශිෂ්‍යකම තිබෙනතාක්කල් පමණි !

ඔබට සිටින්නේ පෙම්වතෙක් නම්
පෙම්වතා පවතින්නේ ප්‍රේමය තිබෙනතාක්කල් පමණි !

ඔබට සිටින්නේ පෙම්වතියක් නම්
පෙම්වතිය පවතින්නේ ප්‍රේමය තිබෙනතාක්කල් පමණි !

ඔබට ලංවෙන්නේ මුදලට
වත්කමට නම්
ලංවුවෝ පවතින්නේ වත්කම් තිබෙනතාක්කල් පමණි !

ඔබට ලංවෙන්නේ නිලයට නම්
ලංවුවෝ පවතින්නේ නිලය තිබෙනතාක්කල් පමණි !

ඔබෙන් සතුරෙක් පලි ගන්නේ නම්
ඔහු පලිගන්නේ සතුරුකම තිබෙනතාක්කල් පමණි !


මෙයට
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top