නිවීමේ පණිවිඩය රැගත්… 56

දහම් පදය
“ අත්හරින්නාට එය අත්හැරීමක් නොවේ එම වස්තුවේ නිවීමක්ය “
උවටැන් ෴
නිවීමකට අත්හැරීමක්
නිවීමට අත්හැරියා. අත්හැරීමෙන්ම නිවෙන්නේය. මන්ද එම වස්තුවේ ගනුදෙනුව නිවුනේය.
අල්ලාගෙන ඉන්න කෙනාගෙන් පරිස්සම් වෙන්න අවශ්‍ය නැහැ. හේතුව, අල්ලගෙන ඉන්නේ නොදැනුවත්කම නිසාය.
අත්හරින්න සැලසුම් කරන්නාගෙන් පරිස්සම් වන්න. ඔහුගේ සසර භයානකය.
සියල්ල අත්හරින්නා සියල්ල අත්හරින්නේ සියල්ල අත්හරින්න දන්න නිසා නොව.
කුමක් අත්හැරිය යුතුදැයි නිවැරදිව නොදන්නා නිසාය.
බොහෝ දේ අත්හැරියයන් ගැන අසා ඇත. කුමක් අත්හැරියත් තමා අත්නොහරින අත්හැරීම කුමටද?
ගුරු අවවාද !
මාන්‍යයෙන් දුප්පත් වෙන්න වෙහෙසෙන්න.
අනිත් අයගේ විවේකය පැහැර නොගන්න.
අන්සතු දේ පැහැර නොගන්න.
අන්සතු දේ ආස නොකරන්න.
අනුන්ගේ දුර්වලකම හෙලා නොදකින්න.
කවුරු අසමගි උනත් ඔබ සමගියෙන් ඉන්න.
දුන් දේ කියා නොපාන්න.
අනුන්ගේ වැරදි මතක තබා නොගන්න.
ප්‍රිය වචන වලින් සංග්‍රහ කරන්න.
දුර්වලයා ශක්තිමත් කරන්න.
අනික් අයටත් බඩගිනි ඇති බව සිහි කරන්න.
කිසිවෙක් කිසිකලෙක පාලනය නොකරන්න.
කිසිවෙකුගෙ වැරදි නැති තැන නොකියන්න.
නින්දාව පවා ප්‍රශංසාවක් කොට සලකන්න.
ඔබේ ඉවසීම අනික් අයගේ ඉවසීම බිඳී යාමට හේතුවක් නොකරන්න.
පරාජය පාඩමක් කොට ජීවිතයට යමක් ඉගෙනගන්න.
අනෙක් අයගේ ජය තම ජය කොට සතුටු වන්න.
කමටහන
බැඳීමක්, වස්තුවක්,
අත්හරින විට එම බැඳීමෙන්, වස්තුවෙන්, එම ගනුදෙනුවෙන් නිවෙන සේ අත්හරින්න.
මෙය සතර ඉරියවුවෙන් සිහිය පිහිටනා සේ පුරුදු කරන්න.
අටුවාව
අනුන්ගෙ දේ අන්සතු කිරීමට කුමට ප්‍රමාද වෙමුද?
තම නොසතු දේ සතු කර දීමට කුමට අනුවන වන්නෙමුද?
ටීකාව
හිමි වන විටම අහිමිය තීරණය වූ බව දන්නේ නම්, අල්ලගන්න සමතෙක් සම්භවේද?
සරලාව
තිබූ තැන්වලම පවතිනවා භූමිය.
තැබූ ලෙසම පවතිනවා වස්තුව.
ලැබූ මෙන්ම දැනෙනව ඥාතීත්වය.
මෙය නොදන්නා කියනවා හැමදේටම අයිතිය.
(නිවෙන අත්හැරීම!)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ