නිවීමේ පණිවිඩය රැගත්… 59

දහම් පදය
“ යමක් ගැනීමට වඩා යමක් දීමෙන් ආත්ම තෘප්තිය අධිකය. මන්ද, ගන්නා ගන්නේ බැඳීමක්ය, දෙන්නා දෙන්නේ අත්හැරීමක්ය.“
උවටැන් ෴
දීමෙන් පොහොසත් වන්න. ගැනීමෙන් දුප්පත් වන්න. එම දුප්පත් කම ඔබේ අල්පේච්ච ගුණයට සාක්ෂියයි.
අහිමියේ කෙළවර නිරෝධයය,
හිමිකාරීත්වයේ කෙළවර සසරය.
අනුන්ගේ ලස්සන දකින්න අදක්ෂ වන්න,
තම ලස්සන දකින්න දක්ෂ වන්න.
අනුන්ගේ ලස්සන = භාහිර පෙනුම
තම ලස්සන = ගුණ ධර්ම.
(තමන්ගෙන් තමන් තෘප්තිමත් නොවන නිසා නොවේද තවත් කෙනෙකුගෙන් සෑනසෙන්න හදන්නේ? )
අසවලා හොඳය, මෙසුවලා හොඳය යන මතය රකින්නේය.
තමන් ඒ දෙදෙනාටත් වඩා හොඳ නොවන්නේ, පිරිනිවෙන්න ඇති බය නිසාද?
අනුන්ගෙන් මේ වන විටත් වෙන්වෙලාද?
වෙන්විය යුත්තේ අනුන්ගෙන් නොව, තමන්ගෙනුත් තම දුර්වලකමිනුත්.
අනුන්ගෙන් මේ වෙනවිටත් අමනාපවෙලාද?
අමනාප විය යුත්තේ අනුන්ගෙන් නොව, තම අඩුපාඩුකම්වලින්, දුර්වලකම් වලින්.
අනුන් වෙනුවෙන් ජීවත් වන්න, එය වරදක් නොවේය. එම ජීවිතය ඔබේ නොකරගන්න,
එය වරදකි.
ඔබට ඔබවත් අයිති නැතිකොට ඔහු හෝ ඇය ඔබට අයිති වූයේ කෙසේද?
අනුන්ගේ දියුණුව නොවළක්වන්න, එහි අයිතියද බුක්ති නොවිඳින්න.
ඔවුන්ගේ දියුණුවෙන් සැනසෙන්න, එම සැනසීම වරදක් නොවේය.
රස්සාවට ගියාම රස්සාව කරන්න, එහි වරදක් නැත.
තම රස්සාව තව කෙනෙකුට රස්සාවක් නොකරන්න. එහි වරදක් ඇත.
රිය පදින විට රිය පදින්න, එය වරදක් නොවේය.
රිය පදින විට තව කෙනෙකුගේ අඩුපාඩුකම් නොපදින්න, එතැන වරදක් ඇත.
යමෙකුට ඇත්තේ තම අඩුව තමන්ට කීමට මිස,
තව කෙනෙකුගේ අඩුවක් කීමට නොවන බවවත් නොදන්නේද?
ලෝකයේ සැවොම කුමකින් හෝ දෙයකින් අසරණය. ඔවුන්ගේ අසරණකමට වඩා තම අසරණකම නිවැරදි කිරීම අගනේය.
අනිත්‍ය දකින්න,එහි වරදක් නැත. එම අනිත්‍ය ධර්මතාවය සදා නිත්‍යය.
එය නොදකින ඔබට අවශ්‍ය තවත් අනිත්‍යක් දකින්නට, එතැන වරදක් ඇත.
කමටහන් අවශ්‍යවන්නේ වඩන්නාට නොව, කමටහන් නාඳුනන්නාටය.
මන්ද,
කුමක් හෝ වඩන්නා මේ වනවිටත් කමටහන ලබා හමාරය.
කමටහන් ඉල්ලන්නා කමටහන නාඳුනන බැවින් දෙනු ලබන කමටහනද නොහඳුනා නොවැඩ පසුවන්නේය.
පොහොසත් වන්න වෙහෙසෙන්නේ,
ඔබ කෙරේ ඔබට නැති විශ්වාසයක් වස්තුව කෙරේ ඇති බව නොදන්නාකම නිසාද?
ඔබේ සතුරා ඔබට පරදින්නේ බැරි ගැවුනු නිසා නොව ඔබට ජය දිය යුතු නිසා නොවේද?
ඔබේ සතුරාවත් නොදන්න මිතුරෙකි ඔබ ඔහුට.
ඔබට ප්‍රිය නොවන්නේ මන්දැයි නොවිමසා, ඒ අයගේ ප්‍රිය හඳුනාගෙන වෙනස්වන්න.
ඒ බෝසත් ගුණය කවදා හෝ ලොව දිනන්නේය.
ලෝකය දිහා බලන කල එහි අඩුපාඩු නොබලන්න.
එහි සුන්දරත්වය හා නාමරූප වල ක්‍රියාදාමය දකින්න.
එවිට ලොවම ඔබට පෙනෙන්නේය.
තෘප්තිය නොසොයන්න, තෘප්තියෙන් සියල්ල දකින්න.
එහි තෘප්තිය පිරිනිවෙනකම් සන්නොසිඳේ නොසන්සිඳේ.
ඔබ දෛනිකව උත්සහ කරන්නේ නිවෙන්නට නොව, නොනීවෙන්නටය.
ඔබෙන් අසන්න.
ඒ නිසයි තවම ඔබ
වරදට සමාව නොදෙන්නේ,
තම ගුණ වර්ණනා කරන්නේ,
වත්කම් ඇති කරන්නේ,
වංචා කරන්නේ,
බොරු කියන්නේ,
දුෂ්ඨකම් කරන්නේ,
සමගි නොවන්නේ,
සමාව නොගන්නේ,
නොඉවසන්නේ,
ආඩම්බර වන්නේ,
නිහතමානී නොවන්නේ,
අකීකරු වන්නේ,
සත්‍යවාදී නොවන්නේ,
දුරාචාර වන්නේ,
ඇහුම්කන් නොදෙන්නේ,
පිළි නොගන්නේ,
පිළි නොපදින්නේ,
සිල්වත් නොවන්නේ,
අමනාපකම් දුරු නොකරන්නේ,
දොස් කීම නොනවත්වන්නේ,
හෙලා දකින්නේ,
හිංසා කරන්නේ,
කරදර කරන්නේ,
විවේචන කරන්නේ,
ගුණ නොදකින්නේ,
මසුරු වන්නේ,
අත් නොහරින්නේ,
බුදුන් සරණ නොයන්නේ.
(දීම දීමක්මය)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ