නිවීමේ පණිවිඩය රැගත්-60

නිවීමේ පණිවිඩය රැගත්… 60




ලබන්නේ ලැබෙන්නේ අත්හැරපු නිසාය.
ලැබෙන්නේ, ලබන්නේ අල්ලන නිසාය.
ඔබේ අල්ලාගැනීමම ඔබට අත් හැරීමේ පාඩම උගන්වනවාට කිසිත් සැකයක් නැත. මන්ද අත්හරින අය පවසන්නේ එය එසේමය.

ඔබත් අල්ලාගන්නෙක් වන්න, නොඅල්ලන අල්ලා ගැනීම මිස වෙන මොනවද?
සියල්ලෝ අත් හැරීම පුරුදු කරති, අත්නොහැරෙන අත්හැරීමක් බව දන්නෝ නිවුනන් ය.
සියල්ල පැවැත්මටය, පැවැත්ම නොපැවැත්මටය. ඔබ එහි පැවැත්මය.

ලෝකයෙන් ජය නොගන්න, මන්ද ජය ගන්නේ කෙළෙස් නිසාය. පරදින්නේ නිකෙළෙස් නිසාය.
ඔබ නිසා ලෝකයත් ලෝකය නිසා ඔබත් පවතිනවා.
ඔබෙන් ලෝකයත්, ලෝකයෙන් ඔබත් නොපවතින්න. එය ආර්‍ය පැවැත්මයි.

(නොදීමේ දීම අත්හැරීමක්ය!)


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top