දාන පාරමී – නිවන් දකිමු ළිපි මාලාව
03
“ සංඝෙහි දින්නං නනස්සතී”
දානය උතුම් වන්නේ දීමෙන්ය , දානය ශ්‍රේෂ්ඨ වන්නේ ලැබීමට සුදුසු වීමෙන්ය !
ඔබ දුන් දානයම ඔබ නිදහස් කරන්නේය !
“ සබ්බං පහාය ගමනීයං “
දාන පාරමි පුරණ බෝසත්වරුනී,
ඔබ දන් දෙන කල කුමක් ලබමුද ?
කුමක් දෙමුද ? යන්න කල්පනා නොකොට
නිරෝධයම අරමුණු කොට දෙන්න.
මක්නිසාද
නිවන අරමුණු නොවන සියලු තැන ස්පර්ෂ වන්නේ දුක පමණය.
දන් දෙන කල පාරට්ටු නොකර ගන්න. මක්නිසාද ඔබේ පාරට්ටුව ඔබේ දානයේ ආනිසංස අවම කරයි.
අසුවලාට මෙසුවලාට සාපේක්ෂව දන් නොදෙන්න. මක්නිසාද ඔබ දන් දෙන්නේ ඔබගේ විමුක්තිය පිණිසය.
කාහට දන් දෙමුදැයි කල්පනා නොකරන්න. මන්ද දානය අත්හැරීමටම නම් අත්හැරීම ප්‍රමාණවත්ය.
ඔබේ දානය මේ මහ පොලොවේ තවත් නිරෝධයම පතන බෝසත් දානයක්ම වන පිණිස දන් දෙන්න.
පාත්‍රය සූදානම්
දානේ සූදානම්ද???
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ