වස්සානය 2024 – 15

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


නාම රූප ඔබට දුන්නේ නිවීමය. නමුත් ඔබ එයින් ලැබුවේ විඩාවක්ය!

ලියු දේ සෝදුපත් කල ඔබ ලියු දැනුම සෝදුපත් කලාද ?
මන්ද නොසෝදුපත් දැනුම විවිධ සෝදුපත් සදහා මුල පුරයි!

කාලය මනින මිනුම කාලයම වුවා සේ,

ඔබ ඔබෙන් නිවැරදිවන්න!
දීමට යමක් තබා නොගන්න. මන්ද දීමට යමක් ඇත්තේම නොදීපු නිසාය!

නොලැබෙන දේ නොලබන්නේ නොලබන්න හේතු සැකසිච්ච නිසාය.

එය ලබන්න උත්සහ දැරීමෙන් හටගන්නේ විඩාවක් මිස තව මොනවද?


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top