නිවීමේ පණිවිඩය රැගත්-63

නිවීමේ පණිවිඩය රැගත්… 63





ලබන්නන්

ලැබෙන්නට හරින්න. ලබන්නට වෑයම් නොකරන්න. මන්ද,
ලැබෙන දේට වඩා ලබන දෙයින් දුක අධිකය.

නැවත නොලබන්නම දෙන්න. මන්ද,
සුදුස්සාට දෙන්නේම නැවත ගන්නමය.

නැවත නොදෙන්නම ගන්න. මන්ද,
ගන්නේ විඳින්න නම් ගැනීමේ නිමාවක් නොමැත.

නැවත නොලබන්නම ගන්න. මන්ද,
මට නොලැබෙනවානම් නැවත එය නොලබන්නේය.

දුක නොදෙන්න. මන්ද,
ඒ දුක ඒ ආකාරයටම නොලබන්න.

භය නොකරන්න. මන්ද,
ඒ භය ඒ ආකාරයෙන්ම නොලබන්න.



කෑම කන්න සිතෙන එක වරදක් නෙවෙයි,
කැමතිම දේවල් කන්න සිතෙන එක වරදක්.

අවවාද දෙන එක වරදක් නෙමෙයි,
එම අවවාද තමා පිළි නොගන්න එක වරදක්.

සතුටු වෙන එක වරදක් නෙමෙයි,
එම සතුට තවත් කෙනෙකුගේ වැටීම නිසා නම් ඒක වරදක්.

පරිභෝජනයට ගැනීම වරදක් නෙමෙයි,
වත්කමට ගැනීම වරදක්.

පවුල් ජීවිතය කියන්නෙ මේකද?

අනුන්ගෙ දරුවෙක් ගෙන්නගෙන
එයාට ඉන්න ගෙයකුත් හදාගෙන
කියන කතා, තරවටු සේරම අහගෙන
ඉන්නවා මෙහෙකරුවෙකු ලෙස යුතුකම් කරගෙන.


ලැබෙන දෙයින්
තියෙන දෙයින්
සැනසෙන්න.
සෑහීමට පත් වෙන්න.
මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න.


ගන්න යන හැම මොහොතේම ගන්නේ තවත් දුකක් මිස වෙන මොනවද?


දෙන දේ දීමක් නොව,
ඔහුගේ ලැබීමක් කොට සලකන්න.
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!


නොලැබුණ ලැබීම ලබන්න තරම් නම්බුකාර වූ ලැබීම ගැන සතුටු වන්න.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top