නිවීමේ පණිවිඩය රැගත්-69

නිවීමේ පණිවිඩය රැගත්… 69




අත්හරින්න බැරි නිසා අල්ලගන්න ඔබ අත්හරින්නේම අල්ලගන්න බැරි නිසා නොවේද?
අත්හරින්න බැරි දේ අල්ලගන්නත් බැරි බව දන්නේ අහුවෙච්ච අය නොවේද?
පරිභෝජනය තුල පරිභෝජනය නොවන්න වග බලාගන්න.

රහතෙකු සම්භවීමේ අදහස අත්හරින්න.

මන්ද රහතා හඳුනගන්න ඔබ පළමුකොට රහත් විය යුතුය.
ගුණයට හැමෝම කැමතිය.

එය තමා ලඟ තියෙනවට නොව අනුන් ලඟ තියෙනවාටය.
අනුන්ගේ ගුණ කියන්නෝ බහුලය.
එම ගුණ වඩන්නෝ විරලය
තමකමට චරිතයක් ගොඩනඟනවට වඩා චරිතයට ගුණයක් වැඩීම ශ්‍රේෂ්ඨය.

ඔබත් මුළා වූවෙක්ද සසරේ,
මහ පොළොව නම් වේදිකාවේ,
ජීවිතය නම් චරිතයේ,
ඔබත් නළුවෙකි නිළියකි රඟපාන.
එම රඟපෑවේ තපස් චරිතෙද
දුෂ්ඨ චරිතෙදැයි විමසා බලන්න.

පවුල් ජීවිතය කියන්නේ මේකද?
අම්මා තාත්තා සුළු වුනාද පෙමට ඔබේ
සහෝදර ඥාති නැති වුනාද ඇය නිසා ඔබේ
වශී ගුරුකමකි ජීවිතයට ඇය ඔබේ
කුමට බැඳෙන්නෙමුද පවේ තමකමට භවේ.


ඔබ අත්හරින හැම මොහොතකම මතකතබාගන්න. ඔබ අත්හරින්නේ වස්තුව හෝ පුද්ගලයන් නොවන බව,
සැබැවින්ම අත්හරින්නේ ඔබවය.
මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න.


සැබෑ අත්හැරීම අත්හැරීමට මිස ‘ඔබේ’ අත්හැරීමට නොවන බව දැනගන්න.


“ඔබත් අත්හැරීමකි ඔබට ඔබ”
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!


ඔබ ඔබේ අත්හැරීමය.
සියල්ලේ අත්හැරීමය.
අවසාන අත්හැරීමය.
නිරෝධයේ අත්හැරීමය.
(අත්හැරීමට තම!)


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top