නිවීමේ පණිවිඩය රැගත්-71

නිවීමේ පණිවිඩය රැගත්… 71




අත්හරින්නෙක් පුරුදුනොකරන්නේ අත්හැරීමක්ම නොව, අසුවුවොත් ගැලවීමක්ය.

ඇත්තේ අත්හැරීමක්ය
නැත්තේ අත්නොහැරීමක්ය
ලොව ලොවට අනිත්‍යය. එයි කුමක් හෝ නිත්‍ය නම් එයයි සැබෑ අනිත්‍ය.

ලෝකය කුමටද දැනගන්න, මිදීමට දැනීමටවත් නොදැන.
ආරම්භයත් අවසානයත් එකතැනය.
නිමාවක් නැති ආරම්භයක් ආරම්භ වන්නේ නැත.
සියලු සංස්කාර එකම ශක්ති පද්ධතියකය.
තැන්පතු ප්‍රකාර ප්‍රතිඵල ඔබ සතුය.

පිලිගත්තත් නොගත්තත් සියල්ල එයට යටත්ය.
හේතුව සෑදුන විට ඵලයට වෙනසක් පැතීමට කුමට පූජාවක්.

සත්‍යට සැබෑ උපමාව එම සත්‍යමය.

ප්‍රභන්ජය දුටුවෙක් සම්භවන්නේ නැති සේම තමෙක් දුටුවෙක්ද නැත.
යමක් තුළ යමක් ඇති බව යමෙක් කීවොත් ඒ කිමදැයි කුමකින් කවරෙක් දැන ගනීද?
මෙය කය ගවේශකයාගේ අවසන් නිගමනය විය හැක.
රැකෙන්නේ නම් රැකුමක් රකින්නට තවත් රකින්නෙක් කුමටද?
සියල්ලේ අවසානය කිසිදිනෙක කිසිවෙක් දකින්නේ නැත. මන්ද ඒ වන විට සියල්ලම අවසන්ය.

ඇත්තාට ඇති දේ ඇති බව දැනේ.
නැත්තාට නැති දේත් ඇති බව දැනේ.
ඇත්තාට ඇති දේ නැති වීමත්
නැත්තාට නැති දේ ඇති වීමත් වැනිය
සසර නිමාව.

සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න!


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top