නිවීමේ පණිවිඩය රැගත්-72

නිවීමේ පණිවිඩය රැගත්… 72





යමෙකුගේ අත්හැරීම යමක් නිසා තීරනය නොවී,
අත්හැරීම නිසා තීරනය වී යමක් අත්හරින්නේද එම අත්හැරීමේ අවසානය නිවීමය.

ඔබ අත්හැරියේ කුමක්දැයි වස්තුවෙන් නොවිමසා,
අත්හැරීමෙන් විමසන්න.

ඔබ යමක් ලද්දේද, ලද දේ කුමට ලද්දේදැයි කිසිදා විමසුවෙහිද?
සියල්ල අත්හල විටද අත්හැර පැවැත්ම අත්හැරීමට අවශ්‍යය අත්හැරීමක් අත්හැරීමට.

කලකින් තාපසයෙකු දුටුවෙමි.
ඒ සියල්ල අත්හැරි උත්තමයාය.
සියල්ල අත්හැරියානම් කුමට ප්‍රමාදදැයි විමසුවෙමි.
අත්හැරීමේ නිමාව සම්භ නොවීයැයි පැවසුවේය.
අත්හරින්නාට අත්හැරීම ක්‍රියාවක් පමණය.
අත්හැරීම අත්හරින්නාට එය නිමාවය.
නිමාව දුටුවාම කොහේද තවත් ඉපදීමක්!

කියන්නට කලින් සිතන්න.
සිතන්නට කලින් නොකියන්න.
මන්ද,

නොසිත කියන කියමනෙන් පලක් නැත.
කියා පසුව සිතීමෙන්ද පලක් නැත.
එකට එකක් නොකරන්න
එකට එකක් කිරීමෙන්වත්
එකට දෙකක් කිරීමෙන්වත් හේතුව නිරෝධ නොවේ.
එකට එකක්වත් නොකිරීමෙන්ම හේතුව නිරෝධ වේ.

කෙලෙස් මිහිරිය. නිකෙලෙස් අමිහිරිය…
මන්ද කෙලෙස් වල විඳීමක් ඇත.
නිකෙලෙස් වල නිවීමම මිස වෙන කිසිවක් නැත.

ධනය රැස් කරන්නේ සැප විඳින්නද?
එහෙනම් සැප වෙනුවෙන් මෙච්චර දුක් විඳින්නේ ඇයි?
එය ඔබෙන් විමසුවාද?
තමන් ලස්සනට ඉපදීමට හේතු සොයන්න එපා,
අනුන් කැතට පේන එකට හේතුව සොයන්න.
ඒක වටිනවා!


හරි දේ හරි විදියටම කරන්න.
වැරදි දේ හරිගැස්වීම හරියටම කරන්න.
අනුන්ට ඕන විදියට ජීවත් වීමට වඩා,
නොඉපදෙන විදියට ජීවත් වීම වටිනවා.
උත්සහ කරල බලන්න ඒකත් වටිනවා.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top