නිවීමේ පණිවිඩය රැගත්-74

නිවීමේ පණිවිඩය රැගත්… 74




යමෙක් යමක් අත්හරින්නේද, එයින් නැවත අත්හැරීමක් හටගනී නම් එම අත්හැරීමේ ඵලය කිමද?



ඍද්ධි වලින් ශ්‍රේෂ්ඨම සෘද්ධිය, කිසිදු සත්ත්වයෙකුට හිංසා නොකර ජීවත් වීමේ ඍද්ධියයි.
ගුණ වලින් විශේෂම ගුණය, අනුන්ගේ අගුණ නොකියන ගුණයයි.
පාලනයෙන් හොඳම පාලයනය තමකමේ පාලනයයි.

දුරු කිරීමේ හොඳම දුරුකිරීම කෙලෙස් දුරු කිරීමයි.
ජීවිත වලින් හොඳම ජීවිතය අනුන් උදෙසා ජීවත් වීමයි.

උපස්ථාන වලින් හොඳම උපස්ථානය හිංසා පීඩා නොකරීමේ උපස්ථානයයි.
අවබෝධයන්ගේ හොඳම අවබෝධය ධර්මාවබෝධයයි.
ශබ්දවලින් හොඳම ශබ්දය නිශ්ශබ්දතාවයයි.



ඔබ කොතැන සිටින්නේදැයි සොයන්නෙහිද?
දැනගන්න කැමතිනම් දැනගන්න!

අමනාප වන්නේද එම අමනාපය තුල ඔබ සිටින්නේය.
මසුරු වන්නේද එම මසුරුකම තුල ඔබ සිටින්නේය.
කෝපවන්නේද එම කෝපය තුල ඔබ සිටින්නේය.

උඩඟු වන්නේද එම උඩඟු කම තුල ඔබ සිටින්නේය.
හිතුවක්කාර වන්නේද එම හිතුවක්කාරකම තුල ඔබ සිටින්නේය.
අකිකරු වන්නේද එම අකීකරුකම තුල ඔබ සිටින්නේය.

වාචාල වන්නේද එම වාචාල කම තුල ඔබ සිටින්නේය.
ආත්මාර්ථකාමී වන්නේද එම ආත්මාර්ථකාමීත්වය තුල ඔබ සිටින්නේය.

” සිතන්න. නැවත සිතන්න.
රහත් වනතෙක් සිතන්න. “


ඒකාන්තවශයෙන් මැරෙන අප කුමට රැස් කරමුද.
සියල්ලෙන්ම දුක නම් කුමට ගැටෙමුද.
අමනාපකම් කොහාට ගෙනියන්නද.

හිතවත් වන්නේ කාව මුලා කරන්නද.
එකතු කරන්නේ කොතැනට ගෙනියන්නද.
විඳින්නේ ත්ව කොච්චර කල් විඳවන්න හිතාගෙනද.

පලිගන්නේ කාගෙන්දැයි දැනගෙනමද.
මෙච්චර කියවන්නේ ඒ අයට තේරුන බව නොතේරුන නිසාද.

පමණට වඩා ලස්සන වන්නේ ඒ අය ලව්වා ඔබ පැහැරගනු ලබන්නද.
කොච්චර කිව්වත් තේරුම් නොගන්නේ, මෙච්චරයැයි තේරුම්ගන්නේ යන ප්‍රතිපත්තියේ සිටින නිසාද.


සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top