වස්සානය 2024 – 24

අයං වස්සාන කාලෝ



“ අයං වස්සාන කාලෝ “
“සියලු සත්ත්වයෝ සසරෙන් මිදෙන්න

වෙර දැරුවත්, මිදෙන්නේ අතලොස්සය“


ඔබ දන් දෙන කල අසවලා කෙසෙද දන් දුන්නේ !
මෙසවලා කෙසේද දන් දෙන්නේ කියා නොවිමසන්න.

මන්ද ඔබේ පාරමිතාවට සාපේක්ෂකයක් හෝ සංසන්දනයක් හො නොතිබීම අත්හැරීම සම්පූර්ණ කරයි !

දානය ශ්‍රද්ධාවෙන් දීමට වඩා ප්‍රඥාවෙන් දීම වඩා අගනේය.

ඔබ දන් දෙන කල ඔබ දෙන දානය ඔබේ චරිතය විස්තර කරයි. පරෙස්සම් වන්න.
දානය පිරිසක් සමග එකතුව දීම මහත් පල ආනිසංසදායකය.

පිරිස එකතු කරන්නේ පිරිවැය අවමයට නම් ලාභ ලැබීමට නම් අකුසලයත් මහත් පල ආනිසංසදායකය.

සියලු දාන විශ්වයේ කුසල තරංග වන්නේය. එය නැවත නිවන් පණිවිඩ නොවී දානයක්ම වී ඔබට නොලැබෙන්නට වග බලා ගන්න.

මන්ද දුන් දේම නැවත ලබමු නම් සිදු වී ඇත්තේ ගනුදෙනුවක් හා හුවමාරුවක් මිස වෙන මොනවද ?


මෙයට තථාගත ශ්‍රාවක සංඝ

Scroll to Top