නිවීමේ පණිවිඩය රැගත්… 79

දහම් පදය
” සාපේක්ෂතා අත්හැරීම පුරුදු කලේය”
සාපේක්ෂකයක් නැති අත්හැරිම පුරුදු කලේද
සාපේක්ෂකයකට කුමක් අත්හරිමුද?
දහම් පදය නිර්වචනය
යමෙක් යමක් අත්හරින්නේ යමකට සාපේක්ෂ කොට නම් අත්හරින්නේ නිවීම උදෙස නොව සාපේක්ෂය උදෙසාය.
උවටැන්
අත්හැරීම සන්සන්දනය නොකරන්න.
මන්ද,
නිවීමට කොහෙද සන්සන්දනයක්.
දුන් දෙයක් කියා නොපාන්න. කියන්නට දෙයක් නොදී ඉන්න.
දෙන විට ලබන්නා දෙස නොව,තමන් දෙස බැලීමට දක්ෂ වන්න.
බොරුවෙන් මිදෙන්න.එවිට සත්‍ය ඔබ ගලවන්නේය.
ඔබ සත්‍ය ගවේශකයෙක්ද?
සත්‍ය තුල ගවේශනයක් තවත් කොහේද?
බොරුව වටහා ගැනීමට අවශ්‍ය ගවේශනය..
ඔබ් ගවේශනය කලේ සත්‍යද බොරුවද?
ඔබ ගවේශනය කලේ සත්‍යද බොරුවද?
සත්‍යය ආරක්ෂා කරන්න. එම සත්‍යයම ඔබට ආරක්ෂාවක් වනු නිසැකය.
ලෝකයෙහි නොපිහිටන්න.
පිහිටෙව්වන් අද ඉපදිලාය විඳින්නට දුක.
ඔබත් මුළා වූවෙක්ද සසරේ
රැකියාව කරන්නේ ඔබ කියා සිතනවාද?
උපාධිය තිබෙන්නේ ඔබට කියා හැඟෙනවද?
ලමයි තමුන්ගේ කියා බැඳෙනවද?
ගෞරවය කීර්තිය දැනෙනවද?
වස්තුවට ආසා වෙනවද?
ලාභ සත්කාර වලට ආසා වෙනවද?
මැරෙන්නැහැ කියා සිතනවද?
පවු පින් අමතක වෙනවද?
තනතුරේ බලයට වෙනස් වෙනවද?
සමාවට පසුභට වෙනවද?
එසේනම් ඔබත් සසරේ මුලා වූවෙකි!!!
“ඔබේ මුලාව නොවටහේද තවා ඔබට”
බෞද්ධකම කියන්නේ මේකද?
දෙපෝයට සිල් ගන්නැති
පන්සිල් වත් රැකෙන්නැති
ජීවිතය නිවනට අදාළ නැති
මහ පොළොවේ ජීවිතයට හිමිකම් නැති
ඔබෙන් රටට පළක් නැති
වස්තුවට කෑදරකමට සීමා නැති
බෞද්ධ කම හිමි නැති
ඔබ රජෙක් වෙන්න කලින්
ඔබ පොහොසතෙක් වෙන්න කලින්
ඔබ උගතෙක් වෙන්න කලින්
ඔබ පියෙක් වෙන්න කලින්
ඔබ දරුවෙක් වෙන්න කලින්
ඔබ සහෝදරයෙක් වෙන්න කලින්
ඔබ බිරියක් වෙන කලින්
ඔබ සැමියෙක් වෙන්න කලින්
ඔබ රහත් වෙන්න කලින්
බෞද්ධයෙක් වෙන්න.
ඒක ඔක්කොටම වඩා වටිනවා.
කමටහන
ඒ නිසා මේක අතහරිනවා
මේ නිසා ඒක අතහරිනවා
කියා
ඉපදීමට දුකට අතනොහැර
පිරිනිවීමට අතහැරීම පුරුදු කරන්න.
මෙය සතර ඉරියවුවෙන් පුරුදු කරන්න.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න!
අටුවාව
ඔබ ඔබට සාපේක්ෂකයකි
අත්හැරීම වස්තුවට සාපේක්ෂකයකි
වස්තුව නිවුමට සාපේක්ෂකයකි
රහතා නිවනට සාපේක්ෂකයකි.
ටීකාව
සෑම ප්‍රශ්ණයකටම උත්තරය ‘ඔබ’
පින් ඇත්තෝ තේරුම් ගනිත්වා!
සරලාව
ජීවත් වන සෑම මොහොතක්ම අත්හැරීමකි.
ජීවත්වන්නෝ එය නොදනිති.
දන්නෝ මීහිමත ජීවත් නොවෙති!
අත්හරින්න අත්හරින්න එපා අතාරින්න.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ