නිවීමේ පණිවිඩය රැගත්… 01

දහම් පදය
“ කිසිවිටක භාහිර දෙයක් ඔබට නොබැදෙන්නේය, සැමවිටම ඔබ භාහිර දේට බැදෙන්නේය “
ඔබේ ලෝභය ඔබ වස්තුවට අසු කරයි,
වස්තුවද කිසිවිටක ඔබට අසු නොවෙයි.
වස්තුවෙන් ඔබට හානියක් නැත, ඔබෙන් වස්තුවට හානි විය හැක.
ඔබ ලබන දේ ඔබේ නොවේය. ඔබ නොලබන දේ ඔබගේය.
අපේ අත්හැරීමම අප අල්ලාගෙන සිටි බවට සාක්ෂි දරයි. එසේ නම් අත් හැරියේ කුමක්ද ?
සෑම වස්තුවක්ම ඔබට පණිවිඩයක් පවසයි. නුමුත් ඔබට ඇසෙන්නේ එම පණිවිඩය නොව ඔබේ කෙලෙසයය.
කිසිවිටක ඔබව උතුම් කොට නොසලකන්න, මන්ද ඔබේ උතුම් කම පවා අන් අයගේ අයුතු කම් මත තීරනය වන්නකි.
කමටහන
දවස පුරාම තම නෙතට ගැටෙන සියල්ල , තමා හට බැදීමක් ඇති කරන බව දැන සතියෙන් පරිභෝජනය කරන්න. භෞතිකය මෙන් සත්ත්වයෝද එලෙසමය.
සැලකිය යුතුයි !
බැදෙන බව දැනගන්න සෑම මොහොතේදීම නොබැදෙමු.
බැදෙන බව නොදැනගන්න සෑම මොහොතේදීම බැදෙමු.
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න !
මෙයට
තථාගත ශ්‍රාවක සංඝ